(ඩී.කේ.රත්න)
සංචාරයක නිරතවෙමින් සිටි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු අද (12) දහවල් කොස්ලන්ද දියලූම ඇල්ල උඩ දියලූම ඇල්ලේ දිය නෑමට යාමේදී දියේ ගිලී වතුර පෙවීමෙන් අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් සංචාරයක නිරවෙමින් සිටියදී දියලූම ඇල්ල නැරඹීමට පැමිණ උඩදියලූම ඇල්ලේ දියනෑමට යාමේදී දියේ ගිලී මෙසේ වතුර පෙවී ඇතැයි පොලීසිය කියයි.
දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ සිසුවියන් දෙදෙනාගේ තත්වය බරපතල නැති බවද පොලීසිය කියයි.
කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජේ.එම්.ආර්.බංඩාර මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලීසියේ නිළධාරීහු විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නොදන්නා දියට නොබසින්න" කියන පුරාණ ආප්තෝපදේශය මේ ළමයි නොදන්වා වෙන්න ඇත