(නිමල කොඩිතුවක්කු)

නව රජයේ  බතික් අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (17) එම අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේය.

සර්ව ආගමික වතාවත් සිදුකිරිමෙන් පසු ජය පිරිත් දේශනය මධ්‍යයේ රාජය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය ධූරයේ වැඩකටයුතු ආරම්භ කළේය. 

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සහ දයාසිරි ජයසේකර මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කුඩා ව්‍යවසායකයන්, කාන්තාවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තම අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි