(විජේරත්න රත්නායක )
නව හැවිරිදි දැරියක් මරා රහසේ වළදැමූ බව කියන කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු ද අද (06) අත්අඩංගුවට ගත් බව හාලි ඇල පොලීසය පවසයි.
මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ හාලිඇල පොලිස් බල ප්‍රදේශයට අයත් කන්දේගෙදර මහතැන්න ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ අනියම් සැමියා වන 31 හැවිරිදි පුද්ගලයෙකි.
වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම කාන්තාවගේ සැමියා ඇය අත්හැර ඇති බවත් පසුව ඇය සහ ඇගේ දියණිය හාලිඇල කන්දේගෙදර පදිංචිකරුවෙකු වන මෙම අනියම් සැමියා සමඟ කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචියට පමිණ ඇති බවත් පැවසේ.
වයස අවුරුදු 09 ක් පමණ වන දියණිය ඉකුත් 2018 ජනවාරි මස දිනක ඝාතනය කොට වත්තේ වළ දමා ඇති බවට බදුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත හාලිඇල පොලීසිය මඟින් එම මව හා අනියම් සැමියා සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
හෙට (07) එම මළසිරුර ගොඩගැනීමට නියමිතව ඇති අතර බදුල්ල පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දියණිය මරා වළදැමී යැයි සැක පිට ඇගේ මව-තවත් අයෙක් අත්අඩංගුවට
Raveendra Sunday, 06 January 2019 02:57 PM
දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා... වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා... පසළොස්වක හඳ වාගේ එළිය පෙනෙනවා... මගේ අම්මා මට ජීවන සුවය සදනවා... මෙම සුන්දර හැඟීම්බර ගීතයේ එන ඒ ආදරණිය අම්මාද මේ ඉන්නේ?
Lal Sunday, 06 January 2019 02:59 PM
අම්මා යන වචනයට කරපු අගෞරවයක්... තමන්ගේ කුසින් වදපු දරු පැටියටද යකෝ මේ අපරාදය කරේ? යන්න අපායකුත් නැහැ...
samantha Monday, 07 January 2019 07:20 AM
හදාගන්න බැරි නම් පොලිසියට භාරදෙන්න තිබ්බනේ ජීවිතයක් නැතිකරන්න අම්මට තියෙන අයිතිය මොකද්ද?
Darshana Monday, 07 January 2019 08:35 AM
වවුනියාවෙන් උඩ ප්‍රදේශවල බොහෝ අයගේ මානසිකත්වය මේ වගෙයි. කිසිම අනක් ගුණක් නැති පිරිසක් ......
rihan Monday, 07 January 2019 09:01 AM
කාලෙ වාසෙ දේසේ... විනාශේ... මෙහෙමත් අම්මලා? මෙලොව ජීවිතය හීනයක්ද?