IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි

(රොමේෂ් මධුෂංඛ)

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී පාපැදියකින්  ගමන්කිරීමට ගත් උත්සහයකදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් මිය ගොස් ඇගේ පියා  බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි.

කොකුවිල් දුම්රිය ස්ථානයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටි දුම්රිය හරස්මාර්ගයදී මෙම අනතුර සිදුව ඇත.

කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට මෙලෙස පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

එහිදී මිය ගිය තරුණිය පාපැදියෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන අවස්ථාවේදි තරුණිය දුම්රිය දැක නොමැති අතරම දුම්රිය පැමිණෙන බව දුටු තරුණියගේ පියා විසින් දිව ගොස් දියණිය බේරා ගැනීමට උත්සහ ගැනීමේදී පියා දුම්රියේ ගැටී විසි වී තිබේ.

නමුත් තරුණිය දුම්රියට යට වී ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පියා රෝහලගත කොට ඇති අතර තරුණිය එම ස්ථානයේම මිය ගොස් තිබුණි.



අදහස් (0)

දියණිය බේරගන්න දුම්රියට පැන්න පියාට බරපතලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site