දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවන්නැයි වන්දනා ගමන් සම්බන්ධව කටයුතු සංවිධානය කරන ආයතන සහ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
කොරෝනා වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට දඹදිව වන්දනාවත් යන්න දෙන්නේ නැහැ..
හොඳ තීරණයක්. ඒ වගේම අනෙත් රටවල විනෝද සවාරිත් නවත්තන්න කියනව නම් හොඳයි. වෛරසය පැතිර යන රටවල අයට ආරක්ෂා වෙන්න වැඩ පිළිවෙලක් තානාපති කාර්යාල හරහා ක්‍රියාත්මක කරන්න. මොකද ඒ රටවල මිනිස්සු අන්ත අසරණයි මේ වෙලාවෙ. ලංකාදීප පත්තරේ අපි ගහ බැන ගන්න, අදහස් හුවමාරු කර ගන්න දහස් ගණනක් විදේශීය මිතුරන් තෙරුවන් බලෙන් ආරක්ෂා වෙන්න කියාත් ප්‍රාර්ථනා කරනවා.
අපි ඕවට බය වෙන්න ඕනේ නැහැ. බුදු දහම සත්‍යයි, ඒ නිසා හාමුදුරුවන්ට කියලා පිරිත් පැන් ටිකක් ගෙන ගියා නම් හරි. මොකද පිරිත් බලේට මොන ලෙඩක් වත් හැදෙන්නේ නැහැ. ඔය කොරෝනාවලට වඩා බුදු බලය වැඩියි .