(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 7වන මහලේ සවිකිරීමට ගෙනෙන ලද වායු සමීකරණ යන්ත්‍රයක් ඔසවමින් තිබූ දොඹකර යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වීම නිසා අද(26) උදෑසන සිට දහවල් වනතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අවට දැඩි කලබලකාරි තත්වයක් පැවතිණි.
දොඹකරය ක්‍රියාවිරහිතවීම හේතුවෙන් වායු සමීකරණ යන්ත්‍රය එම මහලේ සඳලු තලය මත කඩා වැටී ඇත.
ඉහළට ඔසවන ලද දොඹකරය පහත බෑමට නොහැකිවීම හේතුවෙන් එය කොයි මොහොතේ හෝ කඩා වැටේ යයි බියට පත්වු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය එයින් ඉවත්වූහ.
මේ හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇති විය.
පසුව දොඹකරය අයත් සමාගම විසින් වෙනත් දොඹකරයක් ගෙනැවිත් එහි ආධාරයෙන් ක්‍රියා විරහිතවූ දොඹකරය පහළට බෑමට කටයුතු කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දොඹකරයක් කළ කලබලයක්