IMG-LOGO

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ජනපතිට බෑ කියයි

(බිඟුන් මේනක ගමගේ )
 
දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ජනාධිපතිවරයා මුණගැසී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට සහාය නොදක්වන බව දන්වා සිටි බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.
 
විනයගත දේශපාලන බලවේගයක් හැටියට නව දේශපාලන වෙනස පිළිගත නොහැකි බවත් ආණ්ඩුවට එක්වන්නැයි ජනාධිපතිවරයා කළ ඇරියුම ප්‍රතික්ෂේප කළ බවත් ගනේෂන් මන්ත්‍රීවරයා කීය.
 
2015 වසරේදී පිහිටුවාගත් මෙම සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ යන පක්ෂවලින් සමන්විතය.
 
මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, වී. රාධා ක්‍රිෂ්ණන්, වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.



අදහස් (7)

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ජනපතිට බෑ කියයි

Hafeel Wednesday, 07 November 2018 07:41 AM

බැදපු භාරය ගහන්න බැරි නායකයක් දැන් දඟලනවා. මෙහම කොච්චර දවසට පාර්ලිමේන්තුව කල් දාන හැකි? දවසට ජනතා ඉදිරියට යායුතුමයි.

:       24       474

Ruwan Wednesday, 07 November 2018 09:10 AM

2018 පැවතී ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණට ඡන්ද 5,006,837 (40.47%) සහ නිදහස් පෙරමුණට ඡන්ද 1,497,234 (12.10%) තිබුනා. එකතුව 6,504,071 (52.57%). එක්සත් ජාතික පෙරමුණට ඡන්ද 3,640,620 (29.42%) දැන් බහුතර මහජන කැමැත්ත කොතනද?

:       0       0

Thushara Wednesday, 07 November 2018 10:33 AM

බලන්න මේ මිනිස්සුන්ගේ ප්‍රතිපත්ති කොච්චර විශිෂ්ටද කියලා. තමන්ගේ මතයක් අනුව පක්ෂයක් පත්කිරීමේ හෝ පත්නොකිරීමේ අවම මානව නිදහසවත් නොමැති අසරණයන් සිටින රටක් තමා ලංකාව කියන්නේ.

:       0       1

Sisira Wednesday, 07 November 2018 01:43 PM

හිතාදර මනෝ ගනේෂන්, අපි ඔක්කොම රතු ලේ තියන මිනිස්සු. පෙර අතීතයේ තිබු සමගියට අවතීර්ණ වෙන්න අපට තවම ඉඩක් තියනවා. තවත් අපි බෙදී කටයුතු කරන එක අපි කාටද වැඩක් උනේ ?

:       2       18

Bamunuarachchi Wednesday, 07 November 2018 04:51 PM

ඔබලා අපිට එකසැරයක් බැහැ කීවොත් අපි ඔබලාට සිය සැරයක් බැහැ කියනවා. ඒක හොඳට මතක තියාගන්න.

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 01:19 AM

Hafeel ජනතාව බලාගෙන ඉන්නේ ජනතාව ඉදිරියට එනකම්. ගිය සැරේ එජාපෙට ලැබුනේ 46 යයි. ඔබ හිතනවාද නැවත ඡන්දෙකින් 46 ට වඩා වැඩිවෙයි කියලා?

:       0       0

Bamunuarachchi Thursday, 08 November 2018 01:28 AM

Hafeel බෙරේ හරියට ගහන්නනම් බෙරේ ට්යුන් කර ගන්න ඕන බව දන්නවාද? තාම වරපට තදකරමින් ටියුන් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 29 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2165 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site