(රොමේෂ් මධුෂංඛ)

ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (27) සවස යාපනයේ දී පැවත්වීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ යාපනය මාර්ටීන් වීදියේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේ දෙමළ ජාතික සන්ධාන සියලු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවත්වීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම ඉදිරියේදී පැවත්වෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඉදිරිපත් කෙරෙන නියෝජිතයින් කවුරුන්ද යන්න පිළිබඳවත් සන්ධානයක් වශයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීමේදී ගත යුතු තීරණ කුමක්ද යන්න පිළිබඳවද එහි සාකච්ඡා කිරීමට නියමිත බවටද එම්.ඒ.සුමන්තිරන් මහතා වැඩි දුරටත් පැවසීය.

ඉදිරි මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට් හා ටෙලෝ පක්ෂ සන්ධානගතව තරග කිරීමට නියමිතව ඇත.