(බිඟුන් මේනක ගමගේ)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි කාලයේදී දැඩි සේවක හිඟයක් නිර්මාණය වීමට නියමිත බැවින් ඒ ගැන අවධානය යොමුකර කඩිනම් වැඩපිළිවෙළක් යොදන්නැයි ද ඉල්ලමින් දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කර ඇත.
තාක්ෂණ සහායක, අර්ධ පුහුණු ශිලිපීන් හා පුහුණු ශිල්පීන් යන ශ්‍රේණිවල සිටින දුම්රිය සේවකයින්ගෙන් සියයට 75 කට ආසන්න සංඛ්‍යාවක් 2019 සහ 2020 වර්ෂ වලදී විශ්‍රාමයාමෙන් මෙම තත්ත්වය උද්ගත වන්නේ යැයි එම ලිපියේ කරුණු සඳහන් වේ.
මෙසේ මතුවන පුරප්පාඩු නිසා අලුතින් එන්ජින් හා මැදිරි ගෙන්වුවද ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නොමැති වනු ඇතැයි ද එම සංගමය අනතුරු අඟවයි.
පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 2024 ක් හා අර්ධ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 1024 ක් පවතින්නේ යැයි ද පුහුණු ශිල්පීන් ලෙස පසුගිය දිනවල කාර්මික විද්‍යාලවල පුහුණුව ලැබූ 193 දෙනෙකුට පත්වීම් ලබා දී ඇති මුත් එම බඳවැගැනීම් ද සිදුකර ඇත්තේ ද වසර දහයකට පසුව යැයි ද එම ලිපියේ සඳහන් වේ.
මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුකර ඇතත් කඩිනම් විසඳුම් ලබා නොදීම නිසා බඳවාගැනීමට නොහැකි වී ඇතැයි ද ඇමැතිවරයාගේ කඩිනම් මැදිහත්වීමක් සිදු නොවුවහොත් දුම්රිය සේවය කඩා වැටෙන තත්වයකට පත්විය හැකි යැයි ද දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය එම ලිපියේ වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රිය සේවක හිඟය ගැන ඇමතිට ලියයි
nimal Friday, 01 February 2019 05:08 AM
ඒ උනාට සිල්බර කොටන් ගානට වැඩිය කට්ට්ය රේල්ලුවේ වැඩ .
රවින් Friday, 01 February 2019 06:31 AM
ඇයි පහුගිය කාලේ ඇමතියකු හිටියේ කොයි වෙලේ බැලුවත් නිදි. එයා ඕවා ගැන හීන දකින්න ඇති. කොහොමද ගානක් කඩාගන්නේ කියලා. සේවක පුහුණුව දවසට දෙකට කළ හැකිද? එතකොට ඔය දෙපාර්තුමේන්තුවේ තියන අනෙක විධියේ වෘත්තීය සමිති ඒවාත් නිදාගෙනද හිටියේ උග්‍ර සේවක හිඟයක් එනකම්?