දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 2,000ක් අලුතින් බඳවාගැනීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බලාපොරොත්තුවෙන් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා සේවකයන් අලුතින් බඳවාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට ඉහතදීද භාණ්ඩාගාර අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු කීය.
කෙසේවෙතත්, භාණ්ඩාගාරය මීට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැතැයි කී ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් සොයාබලමින් සිටින බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා සිටින සේවකයන් පිරිස ප්‍රමාණවත් නොවන බැවින්, අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වන බවද, මේ හේතුවෙන් දුම්රිය පීලි පැනීම් ආදිය සිදුවන බවද, එයින් මහජනතාව පීඩාවට පත්වන බවද ඒ මහතා පැවසීය.
දුම්රිය සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.
(16844)
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මතක් වෙලා තියෙන්නේ ඡන්ද ගුණ්ඩු, යනකොට දුම්රිය සේවාව කාලා යන්න එපා... මෙයා ක්‍රිකට් පාලක මණ්ඩලය වගේ තිලංගලව ගෙනත් දැම්මේ අපිද? ඔයයි මල්ලිලා දෙන්නයිද ..?
කරන්න ඕන දුම්රිය පීලි පැන්නම පීලි හදන්න මිනිස්සු ගන්න එක නෙමෙයි. දුම්රිය පීලි පනින්නේ නැතිවෙන්න ක්‍රමයක් හොයාගන්න එකයි. මෙයා හදන්නේ ඉදිරියටත් සුද්දගේ කාලේ දුන්න පීලි උඩම කොච්චි ටික දුවවන්න වගේ. ඉතින් කොහෙද රටක් හදන්නේ...
මේ අයියමලෝලගේත් දුෂණ සාටක පව්ලට දෙවෙනි නැහැ .
ඇයි ඉන්න ගාන මදිද.. වැඩි හරියක් ඉන්නෙ අයිස් ගගහා. තවත් ගන්න යනවා.. ඡන්ද ගුන්ඩු වලට..
දුම්රිය සේවය පාලනය කිරීම පුද්ගලික අංශයට බාර දෙන්න. හිතෙන හිතෙන වෙලාවට වර්ජනය කරන දුම්රිය සේවයට මිනිස්සු ගන්න එක විසඳුමක් නොවෙයි.
මෙතුමාට පෝස්ටර් ගහපු නිකමුන්ට රස්සා දෙන්න යන්නෙ. මහජන මුදලින් පින් පඩි සමග පෙන්ෂන්. ලංකාවෙ හැම දේශපාලුවාම කරන්නෙ මේක තමා. පින් පඩි දීල ආර්ථිකය විනාශ කරනවා.
ප්‍රවාහන අමාත්‍යංශය යටගේ ඇති ආයතන සිල්ලම කාල ඉවරයි. හැම ආයතනයකම හැම දේම වෙන්නේ මුදල්වලට. අයියල මල්ලිල ක්‍රිකටි ආයතනය කෑව වගේ පුවාහනයත් ඉවරයි. හිටපු ඇමති තුමා නොකල සේරම දේවල් මෙයා කරල ඉවරයි.
එක සිල්පර කොටයකට එක සේවකයා ගානේ දැම්මනම් පීලි පන්නිනේ නැහෙ. හොඳ තීරණයක් .
දැනට ඉන්න නිකම් පඩි ගන්න අයට මොකද කරන්නේ. ගෙදර යවනවද? රේල් පාරක් සුද්ද කරන්නේවත්, කෝච්චියක් හෝදලා පිරිසිදු කරන්නේවත් නැති කම්කරුවන් පිරුණු පින් පඩි ගන්න සේවකයින් පිරුණු දුම්රිය පුද්ගලික අංශයට බාර දෙන්න. ඔක්කොම හරියාවි. ලාබයකුත් අරන් සේවයකුත් වේවි.
හරි ... ඡන්ද 2000ක් අතේ කියලා හිතාගෙන ඇති... මේ වගේ අය දේශපාලනේට ආවම මීට වඩා මොකුත් බලාපොරොත්තු වෙන්න බැහැනේ. වරාය , දුම්රිය , විදුලි බල, පෙට්‍රෝලියම් ... මේවා තමයි උල්පත් ඇමතිකම්. තමනුත් කාලා හෙන්චයියන්ටත් කන්න දීලා ඡන්ද පදනම රැකගන්න අගේට පුළුවන්. මොකුත් අමතර වැඩක් කරන්න ඕනෙත් නැහැ ...
නමුත් එය අත්‍යවශ්‍ය වෙනවා දුම්රිය මාර්ග මැදිරි වහාම නඩත්තු කලයුතු වෙනවා මගීන්ගේ ආරක්ෂාවට මගී ගාස්තු වැඩිකර හෝ නැතිනම් දුෂණ වංචා අඩුකර මේවා කලයුතුවෙනවා.
රාජගිරියේ මසකට ගෙවන මිලියන 21 ඔක්කොම රේල් පීලි දමන්න පුළුවන් ශ්‍රීලංකා ගුවන් සේවයේ ගුවන් යානා අවලංගු කර ගෙවපු කෝටි 13 ඔක්කොම ගොඩ ගන්න පුළුවන්, ඔන්න ඕකයි තත්වේ ,ඡන්දෙ දුන්න 62 දෙලක්ෂයෙන් මේවා අය කර ගතයුතුවෙනවා.
වැඩේනම් හොදයි. නමුත් මේවා ඡන්ද ගුණ්ඩු බව හොදින් දනිමි
දැනට ඉන්න නිකම් පඩි ගන්න අයට මොකද කරන්නේ. ගෙදර යවනවද? රේල් පාරක් සුද්ද කරන්නේවත්, කෝච්චියක් හෝදලා පිරිසිදු කරන්නේවත් නැති කම්කරුවන් පිරුණු පින් පඩි ගන්න සේවකයින් පිරුණු දුම්රිය පුද්ගලික අංශයට බාර දෙන්න. ඔක්කොම හරියාවි. ලාබයකුත් අරන් සේවයකුත් වේවි.
කලින් හිටපු කළුතර සිංහයා සේවකයෝ තොග පිටින් ගෙනත් දැම්ම . මෙය කොහොම හරි ගෙනත් දායි. මේ අය වැඩ කිරීම කෙසේ වෙතත් පඩි ගෙවීමට නැවතත් බදු වැඩි කරයි.