IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනවලට

(රේඛා තරංගනී ෆොන්සේකා)
 
රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වෙත පවරා පෞද්ගලික  ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
 
මේ පිළිබඳව ගිවිසුම්ගත වීම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (වාණිජ) හමුවීමෙන් සලසාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
දුම්රිය ස්ථාන අබලන් තත්වයට පත්වීම වළකාගැනීම් ස‍ඳහා පෞද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව ඔහු පැවසීය.
 
ඒ ඒ ප්‍රදේශවලට ආවේණික කර්මාන්තයන් පවත්වාගෙන යන සමාගම් වෙත මෙය මහඟු අවස්ථාවක් බව සඳහන් කරන ඩිලන්ත මහතා උඩරට දුම්රිය ස්ථාන කිහිපයක්ම තේ සමාගම් ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද පැවසීය.
 
මෙම  දැන්වීම් ප්‍රදර්ශනය සඳහා සමාගම්වලින් අමතර මුදලක් අය නොකරන බව පෙන්වාදෙන ඒ මහතා දැන්වීම ප්‍රදර්ශනය කරන දුම්රිය ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සහ අලංකාර කිරීමද  ඔවුන්ට පැවරෙන කටයුත්තක් බව  සඳහන් කළේය.



අදහස් (15)

දුම්රිය ස්ථානයන්හි නඩත්තු කටයුතු පෞද්ගලික ආයතනවලට

කිරි සුදු හා පැටිය Thursday, 05 March 2020 02:38 AM

මේ අදහස කදිමයි. නමුත් ඔවුන් බංකුවේ පවා දැන්වීම් පලකරන්ට ඉඩ තිබෙන බැවින් සීමා සහිතව එම දැන්වීම් පලකරන්නට ඉඩ දෙන්න. අනෙක " වැසිකිලි නඩත්තුව අනිවාර්යය කරන්න " . ගම්පහ එහෙම ප්ලැට්ෆෝම් එකේ ඇවිදගෙන යද්දි වැසිකිලිවලින් හමා එන ඇමෝනියා ගඳට ක්ලාන්තය හැදිලා ප්‍රවේශපත්‍ර ගත් මගින් කිහිපදෙනෙක්ම සිහිය නොමැතිව ඇදන් වැටිලා තියෙනවා. පසුව ඔවුන් ගම්පහ මහ රෝහලට ඇතුලත් කරලා... වාට්ටුවේදී යළි සිහිය ආවත් රෝහල් වැසිකිලියේදී යළිත් ක්ලාන්තය හැදී ඇදගෙන වැටිලා තියෙනවා. රජයේ ආයතනවල වැසිකිලි අපිරිසිදු බවට මේ සාක්ෂියම ප්‍රමාණවත් නොවේද ?

:       10       422

lalithm Thursday, 05 March 2020 02:50 AM

ස්ථානාධිපති හැර ටිකට් නිකුත් කිරීම, ස්ථාන නඩත්තුව සහ රේල් පාර, දුම්රිය පිරිසිදු කර පවත්වා ගැනීමත් නඩත්තුවත් පුද්ගලික අංශයට පවරා බලන්න. දුම්රිය සේවයේ කාර්මික සහ ධාවනය පමණක් දෙපාර්තමේන්තුවෙන් දුවලා අවුරුදු දෙකක් කලොත් තේරේවි කොච්චර ලාභයට නිවැරදිව කරගන්න පුලුවන්ද කියලා.

:       5       147

jayath Thursday, 05 March 2020 03:15 AM

පුද්ගලික අංශයට දෙන්න ඒක හොඳයි අකාර්යක්ෂම රාජ්‍ය සේවයට වඩා හැබැයි වල්බූරු නිදහසක් ඒත් එක්කම දෙන්න එපා පේනවා නේද පුද්ගලික බස් වලට වෙලා තියන දෙය ? දීලා නියාමනය කරන්න ( හමුදාව දමල හරි ! එතකොට සමහරුන්ට කොමෙන්ට් දමන්න බැරිය ඒකටත් හමුදාව කියලා )

:       10       107

සංජීව Thursday, 05 March 2020 04:02 AM

අදහස හොඳයි. ඒත් දුම්රිය ස්ථාන නඩත්තුවත් පුද්ගලික අංශයට දෙනවා නම් ඒ වැඩ භාරව ඉන්න, වැඩ නොකර නිකම් පඩි ගන්න දුම්රිය සේවකයින්ව ගෙදර යවන්න අවශ්‍යයි. ස්ට්‍රයික් කරකර පඩි වැඩි කරගෙන තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි නම් වැඩක් නැහැනේ...

:       0       110

rana Thursday, 05 March 2020 04:34 AM

මොකෝ එදා වගේ "රජයේ ආයතන පෞද්ගලීකරණය කරනවෝ කියා කෑ නොගසන්නේ..."?

:       52       91

Gayan Thursday, 05 March 2020 05:14 AM

ඇත්තටම හොඳම හොඳ වැඩක්... එ්කෙන් පුළුවන් දුම්රිය ස්ථානය පිරිසිදුව ලස්සනට තියාගන්න.

:       0       15

Kamal KoyralaThursday, 05 March 2020 07:52 AM

මේ ලොක්කෝ අධිපති වුණාට තවම මහායියාව ස්ටේෂම දැකලා නැහැ.. දුම්රිය ස්ථානාධිපතිතුමා කොහොමද දුම්රිය ස්ථානය පවත්වාගෙන යන්නේ කියලා අඩුම ගානේ එතුමා අගය කරලාවත් නැහැ. එතුමාට පුලුවන් නම් අනික් අයට බැරි මොකද?

:       0       1

jayarathna Thursday, 05 March 2020 05:30 AM

සේවකයන් සූරාගෙන කාලා කොම්පැනියක් පෝසත් වෙනවා නම් තමයි... නමුත් හොඳ වැඩක්...

:       4       14

121 Thursday, 05 March 2020 05:51 AM

ඇත්තටම කල යුත්තේ දුම්රිය ස්ථානය සහ අවට භූමිය රාජ්‍ය බැංකු වලින් එකකට බදු දීමයි. එවිට ඔවුන්ට දුම්රිය ස්ථානයට බිම් මාලයේ ඉඩ සකසා සාප්පු කාර්‍යාල සංකීර්ණයක් ඉදි කරන්න පුළුවන්. ඒවා රජයේ කාර්යාල, සියළුම බැංකු වල ශාඛා, ලීසිං ශාඛා, සුපිරි වෙලඳ සැල් ශාඛා වලට කුලියට දෙන්න පුළුවන්. ඊට වාහන, කුලී රථ වලට, පාර්කිං සහ බස් නැවතුම් ස්ථානයක් පහල මාලේ තනන්න පුළුවන්. ප්‍රශ්ණයට සම්පූර්ණ විසඳුම මේකයි.

:       10       37

kamal koyrala Thursday, 05 March 2020 07:49 AM

මගීන්ට වැසිකිළි නැහැ. දුම්රිය විවේකාගාර වලපල්ලට ගිහින්, ඔය සේරමට වැඩ පිළිවෙළක් පන්නාගන්නේ නැතුව වෙලාවට ධාවනය කරගන්න මගීන්ට සුව පහසුව යන්න දුම්රිය සංවර්ධනය කරනවා නම් වැඩ හොඳයි පෞද්ගලික අංශයේ මඩිය තරකරනවට වඩා රාජ්‍ය ආදායම වැඩි කීරීම තමයි හොඳ...

:       6       0

121Thursday, 05 March 2020 10:16 AM

සමාවෙන්න. රාජ්‍ය බැංකු අයිති පෞද්ගලික අංශයට කියලා මම දැනගෙන හිටියේ නැහැ...

:       2       0

Kamal Koyrala Thursday, 05 March 2020 07:45 AM

ඔක්කොම කෙරුවල් කටින්, නමුත් තවම දුම්රිය මගේ ආරක්ෂව සහ ගේට්ටු ටික දමාගන්න බැරිවුණා. නිතිපතා අනතුරු වාර්තා වෙනවා.

:       0       4

ලුම්බිණි Thursday, 05 March 2020 08:11 AM

කල යුත්තේ දුම්රිය සේවය පවත්වාගෙන යාමට පුද්ගලික අංශයට දීමයි.

:       8       5

kamal Thursday, 05 March 2020 10:53 AM

ජපානේ දුම්රිය සේවාවන් බොහොමයක් පුද්ගලික අංශයට අයිති සේවාවන්. ඒත් ඉතින් ජපන්නු මොනවද දන්නේ.

:       0       0

menna Thursday, 05 March 2020 01:50 PM

වැඩි වැඩ ඕනේ නැහැ. පිරිසිදුකම පවත්වාගන්න පුළුවන් වුණොත් හොඳයි. විශේෂයෙන්ම වැසිකිලි නම් පිරිසිදුව තියෙන්නම ඕනේ. පොදු ස්ථානවල තියෙන වැසිකිලිවලට ගියාම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කොහොම එකක්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්... අපිරිසිදුකම ඇතිවෙන්නේ ප්‍රජාතාන්ත්‍රික හින්දද? සමාජවාදී හින්දද? ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 168 0

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 938 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 642 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1840 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 233 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 323 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 46 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1302 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site