(යොහාන් භාසුරු,මහින්ද නිශ්ශංක, තිළිණිද සිල්වා සහ තුසිත කුමාර සිල්වා)
අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
දුම්රිය සංඥඅවහිර නිසා කදාන සහ පේරලන්ද අතර නවතා තිබූ බංගදෙණිය දුම්රියේ පිටුපස මීගමුවේ සිට ධාවනය වූ දුම්රිය ගැටී මෙන් එහි ගමන් ගත් සිවු දෙනතු සුළු තුවා ලබා ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
රාගම සිට ගම්පහ දෙසට දුම්රිය විශාල ප්‍රමාණයක් එක දිගට නවතා ඇත. දෙමටගොඩ සහ මරදාන අතර සංඥා කේබලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබේ. මෙම කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ සිදු කරයි.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පුත්තම දුම්රිය මාර්ගයේ දුම්රිය මෙසේ ප්‍රමාදයකට ලක්ව ඇත.
(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා, ඩයනා උදයංගනී)
(ඡායාරූප: නිපුන් ගරුක)
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රිය සංඥා දෝෂයක් කාර්යාල සේවකයෝ අතරමං වෙති
saman Monday, 01 November 2021 10:05 AM
කවද්ද මේගොල්ලෝ හරියට වැඩක් කලේ. හැමදාම ලෙඩ.
sachith Monday, 01 November 2021 11:08 AM
දුම්රිය සේවයේ ඉන්නේ හණමිටි අදහස් තියෙන නිලධාරීන් ඉන්නකන් මේවා හැමදාම අහන්න වෙනවා.
Lalith M Monday, 01 November 2021 11:20 AM
වැඩ බැරි ආණ්ඩුවටම ගැලපෙන පණ අදින යකඩ යකා... ඕක පුද්ගලික අංශයට දීල බලන්න ලාභ ඇතිව සේවය කරන හැටි බලන්න... පිං පඩි ගන්නෝ 50% එලවන්න පුලුවන්.....
ඉන්දික Monday, 01 November 2021 12:36 PM
අර පොහොර ගෙන එක නැවැත්තුවා වගේ එක පාරට රට විවෘත කරලා පේනවනේ මිනිස්සු පොදි ගැහිලා යන හැටි ...බස් වල මීට අන්තයි...ආසන ගානට ගෙනියන්න ලු...මිටර් තියාගන්න ලු...මේ විකාර ටීවි ඉස්සරහ දොඩවන ලොකු මහත්තුරු නම් යන්නේ වාහන වල තනියම...දෙසැම්බර් ආපහු වහන්න වෙයි යන විදිහට .
Shantha - Qatar Monday, 01 November 2021 02:07 PM
පුදපු ගමන් කාපි යකා...!!!