(මහින්ද නිශ්ශංක)
දුම්රියක් පීලි පැනීමක් හේතුවෙන් අද (16) පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රියන් ප‍්‍රමාද වී ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මරදාන සහ කොටුව අතර පීලිපැනීමට ලක් වූ දුම්රිය එන්ජිමක් අද පස්වරු 5.00 ට පමණ පීලිගත කෙරෙනු අතර පීලි පැනීම හේතුවෙන් 4 සහ 5 මාර්ගවලට හානිවීම හේතුවෙන් මෙම දුම්රිය ප‍්‍රමාදය සිදුවේ.
මේ අතර කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට නියමිත ඇතැම් දුම්රියන් මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරේ. මේ නිසා විශාල මගීන් පිරිසක් මරදාන සහ කොටුව දුම්රිය ස්ථානවල රැඳී සිටින දක්නට ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම කරන්න පුළුවන් වර්ජන විතරයි.