(දයාසීලි ලියනගේ )
එන්ජින් හා බැටරි නොමැතිවීමෙන් පමණක් පසුගිය වසරේදී දුම්රිය ගමන්වාර 1930 ක් අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඇමැති මහින්ද අමරවීර මහතාට බාරදී ඇති වාර්තාවක සඳහන් වෙයි.
දුම්රිය එන්ජින් හා මැදිරි නොමැතිවීමට අමතරව, වෙනත් හේතුන් ඇතුළත් වන පරිදි පසුගිය වසරේදී අවලංගු කර ඇති මුළු ගමන්වාර සංඛ්‍යාව 9578 ක් බවද එහි සඳහන් වෙයි.
දුම්රිය ප්‍රමාදවීම් හා අවලංගුවීම් පිළිබඳව ලැබී ඇති පැමිණිලි නිසා එයට හේතු වූ කරුණු ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස අමැතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.
ඇමැතිවරයාට බාර දී ඇති එම වාර්තාව අනුව එන්ජින් නොමැතිවීමෙන් දුම්රිය වාර 1495 ක් හා එන්ජින් නොමැතිවීමෙන් දුම්රිය මැදිරි නොමැති වීමෙන් ගමන් වාර 435 ක් අවලංගු කර ඇත.
මීට අමතරව එන්ජිමේ දෝෂ නිසා ගමන්වාර 103 ක්ද එන්ජිම ක්‍රියා විරහිතවීම නිසා ගමන්වාර 25 ක්ද , බලවේග කට්ටල දෝෂ නිසා ගමන් වාර 9 ක් ද රේල් බස් රථ දෝෂ නිසා ගමන් වාර 3 ක්ද රියදුරන් නොමැතිවීම නිසා ගමන්වාර 164 ක් ද නියාමකවරුන් නොමැතිවීමෙන් ගමන් වාර 28 ක්ද අවලංගු වී ඇති බවත් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ස්ට්‍රයික් කරන්න ඕනෑ වුණාම ඔක්කොම හරි..