(මහින්ද නිශ්ශංක)
දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සුළු මණ්ඩලයක් පත්කර තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම්
wedage Wednesday, 28 August 2019 06:54 AM
ඇයි මරදාන සිට කළුතර දක්වා ඩබල් ලයින් තියනවානේ
magiya Wednesday, 28 August 2019 07:01 AM
4 දෙනාම බීලද ? තවත් වර්ජනයක් ?
justin Wednesday, 28 August 2019 07:32 AM
පරීක්ෂණ කරලා වැරදිකරු කව්ද කියල හොයන්න කලින් වැඩ තහනම් කරලා. ලංකාවේ මාර සංස්කෘතියක් තියෙන්නේ.
THUSHARAWednesday, 28 August 2019 07:58 AM
ඔබගේ අදහස වැරදිය. වියයුතු දෙය කරලා ඇත. මෙම අනතුර පිළිබඳ නිරීක්ෂණය කරලා වැරදිකරුවන්, නිවැරදිකරුවන් කව්ද යන්න තීරණය කළාට පසුව ආපසු සේවයට කැඳවිය හැකිය.
wedageWednesday, 28 August 2019 08:02 AM
පරීක්ෂණවලට බලපෑම් කරනවනේ... එ්කයි...
Uditha - LondonWednesday, 28 August 2019 08:32 AM
ඔබතුමත් මාරු කතානේ කියන්නේ... වරදක් කළා නම් වැඩ තහනම් කරලා ඕනෑනේ පරීක්ෂණයක් පවත්වන්න. නැතුව වැඩ තහනමක් නොකර සාමාන්‍ය පරිදි වැඩ කරන්යන්න දෙන ගමන් පරීක්ෂණ පවතන්න කියලද ඔබතුමා කියන්නේ?
AnandaRWednesday, 28 August 2019 09:25 AM
පරිපාලනය පිළිබඳ දැනුමක් නැහැ වගේ.
ravi Wednesday, 28 August 2019 07:45 AM
රාජකාරිය කරගන්න සිහිකල්පනාව නැතිවුණාට... වර්ජනවලට නම්..
Uditha - London Wednesday, 28 August 2019 08:21 AM
හෙට, අනිද්දා ස්ට්‍රයික් එකක් තියේවි එහෙනම්..
චමින්දThursday, 29 August 2019 01:50 AM
එහෙම කරයි කියල හිතිලා තමයි අතිගරු ජනාධිපතිතුමා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කර ගැසට්ටුවක් නිකුත්කලේ...
anura Wednesday, 28 August 2019 08:41 AM
එකක් පස්සේ එකක් හැප්පෙනවා නොවැ ලයින් 4ක් තිබුණත් වැඩක් නැහැ එළවන් යන නියමක රොත්තම කරටම බීලා නම් ඉස්සරහින් අලියෙක් ගියත් පෙනෙන්නේ නැහැ.
Kumar Wednesday, 28 August 2019 03:48 PM
දුම්රිය යන මාර්ගය තීරණය කරන්නේ පාලන මැදිරියෙන් එවැනි දේ වළකන්න යොදා තිබෙන ආරක්ෂක ක්‍රම කෙනෙක් අක්‍රීය කරන්න ඇති. එසේ නැතිනම් එකම මාර්ගයේ ඔය සිදුවී ඇති ආකාරයට දුම්රිය ධාවනය කරන්න හැකියාවක් නැත. මෙය ඕනෑකමින් කලදෙයක් යන්න සෙව්වොත් තමයි හොඳ... තමන්ගේ දෙසට තව දුම්රියක් පැමිණෙන බව දුටුවිට රියැදුරන් පරුෂ වචන කිය කියා. තිරිංග හිරකරන්න ඇති... පාලන මැදිරියේ අයගේ මව්වරුන්ටත් බැන්නද දන්නේ නැහැ...
justin Wednesday, 28 August 2019 03:55 PM
තුෂාර, වෙදගේ, උදිත, ආනන්ද මහතුනි, හරියට දන්නේ නැතිව වැරදි මිනිහෙක්ගේ වැඩ තහනම් කරලා, ඇත්තටම වැරදි මිනිහ නිදැල්ලේ ඉන්න පුළුවන්. පරීක්ෂණ ඉක්මණින් කරන එක තමයි විසඳුම.. කල්මරණ සංස්කෘතිය තියන නිසා ලෝකයට පෙන්නන්න කව හරි දඬුවමකට ලක් කරලම පරීක්ෂණ නිවී හැනහිල්ලේ කරනවා.. ඔබලත් එකට හුරුවෙලා...
Prabha Wednesday, 28 August 2019 06:18 PM
අර්ජුන මහත්තයෝ අර ගන්න 2000 රේල් පාරවල් ගානේ හිටවලා තියෙන කෝච්චි 2ක් එක පාරේ එනවා නම් කෑගහලා හරි නතර කරන්න පුලුවන් වේවි.
GASPE Wednesday, 28 August 2019 07:41 PM
CTB එකේ ඔහොම වැඩ තහනම් කරන්න ගියා නම්, මෙලහකට බස් එලවන්න ඩ්‍රයිවර්ලත් නෑ...
amila Chathuranga Thursday, 29 August 2019 07:08 AM
යම් ආයතනයක අක්‍රමිකතාවයක් වුණාම සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඔවුන්ගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ පවත්වන එක. විශේෂයෙන් මේ වගේ සංවේදි සේවාවකදී යම් හිතාමතා කරන දෙයක් වගේ නම් තවදුරටත් ඔවුන් වැඩෙහි යෙදවීම මගී ජීවිත අනතුරේ හෙලීමක්. වැඩ තහනම වගේම මේ වගේ දේ ගැන නිසි පරීක්ෂණ කරලා වගකීමෙන් වැඩ කරන්න බැරි අය ගෙදර යවන්නත් කටයුතු කරනවා නම් වටිනවා. මොකද රටේ උගතුන් ඕනෑතරම් ඉන්නවා පුහුණු කරලා ඔය වගේ තැන්වලට යොදවන්න. මිනිස්සු නැහැ කියලා කිසිම වගකීමක් ගන්නේ නැති උදවිය තියාගන්න එකෙන් වෙන්නේ තවත් අනතුරු වෙන්න තියෙන ඉඩ වැඩිවෙන එක විතරයි.
Adam Monday, 02 September 2019 02:24 AM
Justin මහත්තයෝ ඔබතුමා අමු කාලද?