IMG-LOGO

2025 මාර්තු මස 22 වන සෙනසුරාදා


දත්ත මැකී යෑම ගැන ඇමති චන්නගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඖෂධ නියාමන අධිකාරියේ  දත්ත මැකී ගොස්  ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන්  පසුව යැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී  අද (21) පැවසීය.

මැකී ගොස් ඇති එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම  සිද්ධියට සම්බන්ධවූ සියලුම දෙනාට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ප්‍රකාශ කළේය.

ජයසුමන මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27(2) යටතේ  මතු කළ ප්‍රශ්නයට  පිළිතුරු දෙමිනි.

මහාචාර්ය චන්න ජයසුමන මහතා එම  ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මෙසේද කීවේය.

මෙම දත්ත මැකී යාමේ ගැටලුව තුළ පැහැදිලිවම මැකී ගොස් ඇත්තේ ඖෂධ,වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන නියාමනය සඳහා ඊට අදාළ පාර්ශවයන් විසින් පද්ධතිය හරහා ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ඇතුළත් ගොනු සාමාන්‍ය ඔසුසැල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාල ගොනු  පමණි (annex3)

ඒ අනුව ඉහත කී සියලු කරුණු නියාමනය කොට අධිකාරිය විසින් නිකුත් කර ඇති ලියාපදිංචි සහතික සහ බලපත්‍ර හෝ වෙනත් යම් අනුමැතීන්ට අදාල දත්ත පද්ධතියට (data base) කිසිදු හානියක් සිදු වී නොමැත.

එබැවින් පැන නැගී ඇති මෙම ගැටලුව හරහා බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදුලේඛන ගත කර තිබූ ඖෂධ වෙළඳපලට නිකුත් කිරීම මෙන්ම, එකම ඖෂධය විවිධ වෙළඳනාම වලින් ආනයනය කරනු ලබන සමාගම්වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන්වලට ඖෂධ අලෙවි කිරීමේ කිසිදු  අවාදානමක් ඇතිවිය නොහැක.

ඒ අනුව මෙම තත්ත්වය මත දිවයින පුරා ඖෂධ හිඟවීමක් සම්බන්ධයෙන් හෝ තත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් මහජනතාව ඇති කරගත යුතු නොමැති අතර අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වන දැනට පවතින බලපත්‍රවල වලංගු කාලය දීර්ඝකර ඇති බව මෙහිලා සඳහන් කරමි.  එමෙන්ම ඉල්ලුම් කරන නව බලපත්‍ර  සඳහා සහ Covid 19 වසංගත තත්ත්වයට අදාල වන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර  නිකුත් කිරීම සම්බන්ධයෙන් සියලු කටයුතු සිදු කෙරෙමින් පවතින බවද අවධාරණය කරමි.

තවද විවිධ එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත තත්ත්වයට අදාල වන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා බලපත්‍ර  නිකුත් කිරීම යනාදී සියලු කටයුතු manual ක්‍රමවේදය ඔස්සේ සිදු කර ඇති බැවින් මෙම  පද්ධතිය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය එන්නත් ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දීම සහ Covid 19 වසංගත තත්ත්වයට අදාල වන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් අදාළ නොවන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

ගරු විපක්ෂනායකතුමනි, ඇත්තටම දැන් ගොඩදෙනෙක් අහනව eNMRA පද්ධතියක් තිබෙද්දී ඇයි කියල කොවිඩ් 19 වසංගත තත්ත්වයට අදාළවෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ මේ පද්ධතිය හරහා ගියේ නැත්තේ, ඒකට හේතුව තමයි ගරු විපක්ෂ නායක තුමනි, මේ පද්ධතිය පටන්ගත්ත දවසේ සිටම මේක අබ්භගාත පද්ධතියක්, අසංවිධානාත්මක ක්‍රමානුකූල බවක් නැති ප්‍රතිපල දායක නැති පද්ධතියක්. මම අමාත්‍ය ධුරය භාරගත්තට පස්සේ පළවෙනි සති දෙකේදිම මෙම සියලුම පාර්ශවකරුවන්, ව්‍යාපාරිකයන් ඒ වගේම ඖෂධ ආනයනයකරුවන් ෆාමසි ඔසු සැල් හිමියන්, සියලු දෙනා ඇවිත් කියු දේ තමයි මේ eNMRA පද්දධතියේ  ෆේලියර් එකක්. මේකෙ වැඩ කරන්න බෑ කියලා. ඒ අනුව ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ එවකට හිටිය අධ්‍යක්ෂක මණ්ඩලය කැඳවලා මම කිවුවා මේක ක්‍රමාණුකූල කරන්න කියලා. මට ලිඛිතව වෛද්‍ය කමල් ජයසිංහ CEO ජාතික ඖෂධ නියාමන අධාකාරියේ 2020/09/07 ලිපියක් භාර දුන්නා මේ ඇතිවෙලා තියෙන ප්‍රමාදයන්, මේ තියෙන ක්‍රමානුකූල නැති බව වහාම නිවැරදි කරන්න කටයුතු යොදනවා කියල. 

ඔවුන් මට දින වකවානු සහිතව ලිපියකින් දැනුම් දුන්නා නිල වශයෙන් මේ කටයුත්ත කරනවා කියල (annex.4). හැබැයි එහෙම කිව්වට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටිය අධ්‍යක්ෂ මණ්ඩලය ඒ කටයුත්ත සිදුකරේ නෑ ගරු විපක්ෂ නායකතුමනි.
ඒක නිසා මම නැවතත් 2020/10/20 එවකට සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මැතිතුමාට, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට වගේම සියලුම අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට නැවතත් ලිපියක් යොමු කරනවා. මම කැමතියි ගරු කතානායකතුමනි, ඒක පැහැදිළි කරන්න (annex.5) මේක මම ගිය අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ තමයි එවකට සභාපතිවරයා ඇතුළු සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට දැනුම් දුන්නේ. හැබැයි ඒ කිව්වත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට සමත් වුනේ නැහැ එය නිවැරදි කිරීම සඳහා. ඒක නිසා තමයි කියන දේවල් කරන්නෙ නැති නිසා, අකාර්යක්ෂම නිසා තමයි NMRA  එකේ  බෝඩ් එක අපිට ඉවත් කරන්න සිද්ද වුනේ. නව කණ්ඩායමක් පත් කරන්න සිදු වුනේ. මේ eNMRA පද්ධතියේ තියන අකාර්යක්ෂම බව නිසා තමයි කොවිඩ් 19 රෝගයට අදාළ සියලු ඩොකියුමන්ට් මේ සිස්ටම් එකට දාන්නේ නැතුව මැනුවලි ගෙනල්ල භාර දෙන්න කිව්වේ. කොටින්ම මේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක් වුනාට ඒක හරහා යනවට වැඩිය ඉක්මනට කරන්න පුළුවන් අතින් ෆයිල් ටික හාර්ඩ් කොපි එක ගෙනල්ල දුන්නට පස්සේ ඒක නිසා තමයි අතින් ගෙනල්ල භාරදෙන්න කියල ඉවර වෙලා කිව්වේ  කොවිඩ් 19 රෝගයට අදාළ දේවල්.

එතකොට මේ මැකිල ගිය දත්ත ඇතුලේ මොනවාද තිබුනේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිළි කරලා මගේ පිළිතුර නිමා කරනවා. විශේෂයෙන්ම 2015 – 2019 කාලයේ දී ඖෂධ මිල දී ගැනීමේ දී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ඖෂධ මොනවාද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ෂණයක් සිදුකරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඒ වාගේම තමයි අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

මේ ඒ වගේ ඖෂධ කිහිපයක් ගරු කතා නායකතුමනි, Captopril 5mg Syrup එක 2019 දි මිල දී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේ දී රුපියල් 395.00 කට ගරු කතානායකතුමනි, 138 වතාවක් මිල ඉහළයි Lorazepam ඉංජෙක්ෂන් එක රුපියල් 17,957.00 කට මිල දී අරගෙන තියෙන්නේ, අපි ආවට පස්සේ රුපියල් 373.00 කට මිල දි ගත්තේ ගරු කතානායකතුමනි Metaraminol ඉංජෙක්ෂන් එක රුපියල් 16,736.00 කට මිල දී ගත්තේ ඒක රුපියල් 3,875.00 කට අඩු වුනා. මේ සියලු ලැයිස්තුව මේ මිල අධික අපි විමර්ෂණය සඳහා භාර දීල තියන මිල අධික ඖෂධ 35ක ලැයිස්තුව මම සභාගත කරනවා (annex.7) ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිල දී අරන් තියනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා, ඉල්ලීමක් කරා, අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉංජෙක්ෂන් එක රුපියල් 55,000.00 කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00 කට ගත්තා.

එමගින් ඉතිරි වුන මුදල පමණක් රුපියල් මිලියන 128 ක් වෙනවා. මේ අකාරයේ මේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි ගරු කතානායකතුමනි, ඒ වගේම තමයි මේ ඇතැම් ඖෂධ මම  කියන්නම් කොයි වගේ දෙයක් ද කරල තියෙන්නෙ කියලා උදාහරණයක් හැටියට අපි ගත්තොත් Paracetamol Suppository  එක වේදනාවක් ඇති වුනාම අර පස්සෙන් දාන කරල, මේක රුපියල් 165.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 12.00 යි. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153.00 ට අරන් තියෙන්නේ, දැන් ගන්නේ රුපියල් 6.49 ට, මේ සියලු ලේඛන මම සභාගත කරන්න කැමතියි ගරු විපක්ෂ නායකතුමනි.

මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තිබිල මැකුනේ. මේව ගැන විමර්ශන  පටන්ගත්තට පස්සේ රුපියල් බිලියන ගණනක පාඩුවක් රටට වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ෂණ පටන් ගත්තට පස්සෙ තමයි ඒ කියන ලිපි ගොනුව මේ  දත්ත ක්ලවුඩයෙන් මැකිල ගිහින් තියෙන්නේ. එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් යනවා. ඒ වාගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුනට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා



අදහස් (7)

දත්ත මැකී යෑම ගැන ඇමති චන්නගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්

sisil Tuesday, 21 September 2021 04:31 PM

පක්ෂ, විපක්ෂ සියලු දෙනාම පාර්ලිමේන්තුවට නැවත පත්කරමු.

:       4       11

Raveendra Tuesday, 21 September 2021 05:02 PM

බැලූවිට පෙනෙන්නේ හොරුන්ගෙත් හොරු කම්බ හොරුයි. "අරාජිතයා" නේද ඒ කාලේ සෞඛ්‍ය ඇමති ලෙස හිටියේ? දැන් හතරට ගැනගන්න බැහැ... එලෙසම මේ කියන මණ්ඩලවල සාමාජිකයන් පෙදරේරුවන්වත්, වඩුකාර්මිකයන්වත් නොවේ නේද? මේ ඔක්කොම මහජන මුදලින්ම ඉහළට ඉගෙනගත්ත ආචාර්ය, මහාචාර්ය හොරු නොවේද? මේ සියලුම පාපතරයින් මියයන්නේ අනේකවිද දුක් විඳලා බව නම් සහතිකයි. අපගේ මාතෘභූමියට සියලු දෙවිදේවතාවුන්ගේ පිහිට ලැබේවා...!!!

:       13       16

Nuwan Tuesday, 21 September 2021 05:06 PM

අර ඇන්ටිජන් මගඩියට සම්බන්ධ සමාගමට සම්බන්ධයක් තියෙනවා වගේ මේ වැඩේට..!!!

:       4       14

neil Tuesday, 21 September 2021 07:39 PM

වහල් ගතිය තමයි.

:       0       8

විපරමා Tuesday, 21 September 2021 08:48 PM

මැකිලා නෙවෙයි මකලා. ජනතාව ගොනාට අන්දවන එකනේ මෙයාලට පුරුදු. ඕනෑම කෙනෙකුට තේරෙනවා මේවා ඉබේ සිද්ද වෙන දේවල් නොවන බව. ඔයිට වඩා දේවල් කරපු කට්ටියනේ අපේ රටේ ඉන්නේ?

:       1       14

ranjith Wednesday, 22 September 2021 01:28 AM

ඉන්න තරමක් හොරු ,ඒත් එකෙක් වත් අල්ලන්නේ නෑ

:       0       1

චන්දන Wednesday, 22 September 2021 08:06 AM

හෙට අනිද්දා මාධ්‍යට ඇවිත් අතේ පත්තුවෙන මොනව හරි කියල දායි

:       1       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අයවැය⁣ට කථානායක සහතිකය
2025 මාර්තු මස 21 255 1

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍ර


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි
2025 මාර්තු මස 21 1184 6

ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය (2025) වැඩි ඡන්ද 114කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය.


කප්පම් කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2025 මාර්තු මස 21 743 0

සංවිධානාත්මක අපරාධකරුවන් මුවාවෙන් ව්‍යාපාරිකයන් බිය ගන්වා කප්පම් ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනකු ගිනි අවි සහ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර ප


ලඟ එන පනතින් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 මාර්තු මස 21 1085 8

ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලි


නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10ක්
2025 මාර්තු මස 21 915 0

රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්


කුඩු ජාවාරමා ළඟ උණ්ඩ සහ වාහන අංක තහඩු
2025 මාර්තු මස 21 351 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත්ව තිබු ටී 56 උණ්ඩ 60 ක්, එමි 16 වර්ගයේ උණ්ඩ 06 ක් පුහුණු හිස් පතුරම් 09 ක් තියුණු කඩු 01 ක් සොරකම් කරන ලද යතුරුපැදි අංක තහඩු දෙකක්


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 29 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1090 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site