(යොහාන් භාසුර)
ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය.
ලාෆ් සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෑස් සිලින්ඩර 40,000 ක් පමණ වෙළෙඳපොලට සැපයුව ද ඊයේ වන විට එම සංඛ්‍යාව 2000 ක් දක්වා අඩුවී ඇති බවත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද සඳහන් කළේය.
මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී ගෑස් හිඟයක් සහ ගෑස් ප්‍රතිඅපනයන රටට ලැබෙන විදේශ විනියම ද අහිමිවන බව කී වෑගපිටිය මහතා මෙම තත්වය සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළ බව ද සඳහන් කළේය.
ගෑස් ආනයනයට සාමාන්‍ය කාලයකදී සිය සමාගමට මසකට ඩොලර් මිලියන 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක මිල ඩොලර් 135 කින් අනිපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා තත්වය තවත් බරපතල වී ඇති බවත් වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්
awasaanaya Friday, 04 March 2022 11:00 AM
ගෑස් නෑ. වතුර නෑ. තෙල්, ඩීසල් නෑ. ලයිට් නෑ. ඇත්තටම මැටි ලිපක්, දෙකක් සහ දර ටිකක් හොයාගන්න කටයුතු කරන ගමන් ඉන්නේ. ඡන්දයක් දෙන්න මොලයක් ඇති කිසිවෙකුත් හෝ කණ්ඩායමක් ඇත්තෙත් නෑ. කාට දුන්නත් එලවපු මෝඩයින් සහ හොරුරැල නැවත මේ පැත්තට පනිනවා. මේ රට නැවත ඉංග්‍රීසි ආණ්ඩුවට බාර දීපල්ලා..