(සුජිත් හේවාජුලිගේ )
කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ,කඩුවෙල සහ අතුරුගිරිය අන්තර් හුවමාරුවන්හි සේවකයන්17දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම අන්තර් හුවමාරුවන්හි කටයුතු අඩපණවීමෙන් ඒ මාර්ගයේ ගමන් ගත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්වූහ .
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙස සිට පැමිණි රථ වාහනවලට මෙම කොවිඩ් අවදානම හේතුවෙන් කහතුඩුව පිවිසුමේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් මුදල් ගෙවා පිටවීමට සිදු වූ අතර මේ හේතුවෙන් එම මාර්ග ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයක් ඊයේ උදෑසන ඇතිවූ බව වාර්තා වෙයි .
මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයන් දොළොස් දෙනෙකුටද කඩුවෙල අන්තර් හුවමාරුව සේවකයන් සිව් දෙනකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ සේවකයෙකුට ය .
ආසාදිත වූ මෙම සේවකයෝ දාහත් දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරනු ලැබ ඇති සිටිති .
ඔවුන්ට ආශ්‍රිත වූ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකළ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් මහතා මහතා පැවසීය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දක්ෂිණ අධිවේගයේ සේවකයෝ 17කට කොරෝනා