IMG-LOGO

දක්ෂිණ අධිවේගයේ සේවකයෝ 17කට කොරෝනා

(සුජිත් හේවාජුලිගේ )

කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ,කඩුවෙල සහ අතුරුගිරිය අන්තර් හුවමාරුවන්හි සේවකයන්17දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම අන්තර් හුවමාරුවන්හි කටයුතු අඩපණවීමෙන් ඒ මාර්ගයේ ගමන් ගත් දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්වූහ .

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙස සිට පැමිණි රථ වාහනවලට මෙම කොවිඩ් අවදානම හේතුවෙන් කහතුඩුව පිවිසුමේ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් මුදල් ගෙවා පිටවීමට සිදු වූ අතර මේ හේතුවෙන් එම මාර්ග ප්‍රදේශයේ අධික රථ වාහන තදබදයක් ඊයේ උදෑසන ඇතිවූ බව වාර්තා වෙයි .

මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයන් දොළොස් දෙනෙකුටද කඩුවෙල අන්තර් හුවමාරුව සේවකයන් සිව් දෙනකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ සේවකයෙකුට ය .

ආසාදිත වූ මෙම සේවකයෝ දාහත් දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරනු ලැබ ඇති සිටිති .

ඔවුන්ට ආශ්‍රිත වූ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකළ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් මහතා මහතා පැවසීය .

 



අදහස් (0)

දක්ෂිණ අධිවේගයේ සේවකයෝ 17කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site