IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


දක්ෂිණ අධිවේගයේ මාතර හම්බන්තොට කොටස විවෘත කිරීම 23 දා

( +++ සුජිත් හේවාජුලිගේ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස ලබන 23 වැනිදා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට ඊයේ පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්ගය විවෘත කෙරෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මාතර සිට හම්බන්තොට දක්වා වූ මාර්ග කොටස් සියලුම ඇතුළුවීමේ හා පිටවීමේ දොරටු මේ වන විට සකස් කර අවසන් කර ඇතැයි කී ප්‍රනාන්දු මහතා මාර්ගයට සම්බන්ධ අතුරු මාර්ග කිහිපයක් ද කඩිනමින් ඉදි කිරීමට කටයුතු කරගෙන යන බව පැවැසීය.

අතුරු මාර්ග ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද ඔහු කීය.

මෙම මාර්ග දිගුව මගින් වරායන් හා ගුවන් තොටුපළවල් අතර භාණ්ඩ ප්‍රවාහනයට මෙන්ම මගී ප්‍රවාහනයට පහසුව සැලසෙන බව මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස් දුර ප්‍රමාණය කිලෝමීටර් 96 කි. මාතර-බෙලිත්ත බෙලිඅත්ත-බරවකුඹුක, බරවකුඹුක - අන්දරවැව, අන්දරවැව -හම්බන්තොට වශයෙන් අදියර හතරක් යටතේ මාර්ගය ඉදි කෙරිණි.

මාර්ග දිගුව ඉදිකිරීමට වැය කර ඇති මුදල රුපියල් කෝටි 25,000 කි.මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ පූර්ණ සුපරීක්ෂාව යටතේ චීන සමාගම් තුනක් මෙහි ඉදිකිරීම් කටයුතු කළේය.



අදහස් (9)

දක්ෂිණ අධිවේගයේ මාතර හම්බන්තොට කොටස විවෘත කිරීම 23 දා

Chathuri Friday, 14 February 2020 07:44 AM

කොලොම් පුරේ නුබ ඉන්නා ඉසව්වේ ඒ සින්දුවත් දාගෙන වේගෙන් යන්න. ඕවගේ දේවල් නේ කරන්නේ. ජනතාවගේ මුදල් වලින්

:       0       0

කරුණාපාල Friday, 14 February 2020 07:59 AM

ඡන්දෙ කාලේ විප්ලව කරලා ප්‍රාදේශීය හෙන්චියාල පාරට බැහැල උද්ගෝෂණ කරලා නැවතුවේ නැතිනම් අදටත් මහජනතාව පාවිච්චි කරනවා කඩවත කෙලවරපිටිය වගේ.

:       0       0

Hemantha Friday, 14 February 2020 08:12 AM

ඕක හදන්න ගිය මුදලට පොඩ්ඩක් අඩුවෙන් වියදම් කරලා ලොකු උත්සවයක් ගනී නේද ? මම හිතන්නේ විවෘත කරලා තිබුන එක නැවත වැසුවේ අඩුම ගන්නේ උත්සවයට යන මුදලින්වත් ගානක් කපා ගන්න වෙන්න ඇති.

:       2       63

Nandalal DE SILVA - FranceFriday, 14 February 2020 11:27 AM

ඒක විතරක්ම නෙවෙයි දරුවෝ...!!! සවිකර ගන්න බැරිවුණු පාලකයින් හෙවත් රාජපක්ෂ බෝඩ්ලෑලි අති විශාල වියදමක් දරා එකඑක තැන්වල සවිකරවා ගැනීම සඳහා මෙම ජෝගිනැටුම කරන බව නම් පැහැදිලිවම පේනවා. භාණ්ඩාගාරය හිස්ලු... එ්ත් මෙවැනි විච්චූරණ වලට නම් මහජන මුදල් ගරාගන්න අපහසු වෙන්නේ නැහැ..

:       76       102

lanka Friday, 14 February 2020 09:34 AM

ජනශුන්‍ය ප්‍රදේශයක මාර්ගයක කිලෝමීටරයක් හදන්න රුපියල් කොටි 260කට වැඩියෙන් ගිහින් තියෙනවා. ඇත්තටම මෙතරම් මුදලක් යනවද?

:       1       196

ගමේ එකාFriday, 14 February 2020 10:26 AM

දන්නෙම නැද්ද? සල්ලි යන්නේ දේශපාලුවන්ගේ සාක්කුවලට.... ජොනියාට නම් පවුල් කීපයක් නඩත්තු කරන්න ඕනෑනේ...

:       1       20

මුණසිංහFriday, 14 February 2020 11:14 AM

මේවා කාට කියන කතාද මන්දා...? ජොනියා නෙමෙයි මේවා කලේ.. ඊට කාලෙකට කලින් ඉඳලා. ජොනියට තියෙන්නේ විවෘත කරන්න විතරයි. ඒකටත් ඔය කියන විදියට මුදල් වියදම් කරයිද කියලා බලන්න. මේවා නිකම් පුහු කතා... ඊර්ෂ්‍යාව විතරයි.

:       2       44

ලුම්බිණි Friday, 14 February 2020 10:51 AM

තවත් විවෘත කිරීමේ උත්සවයක්... ඇත්තටම මේ කොටස විවෘත කරන්න ජනාධිපතිගේ ඉඳලා ඔක්කොම එන්න ඕනෑද?

:       0       13

lgj Friday, 14 February 2020 03:03 PM

1015 සිට 1919 දක්වා ඉදිකිරීම් කළ අයට එල්ල කළයුතු දොස් පාලනය භාරගෙන මාස 3ක් වත් නැති මේ ආණ්ඩුවට එල්ල කරන්නේ කුහකයින්. ඇයි මධ්‍යම අධිවේගයේ අකටයුතුකම් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්නකිරීම් වලදී එළිවුණා නොවැ... කුහකයින්ට ඇත්ත පෙනෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1347 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1260 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 460 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site