IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


තෙවරප්පෙරුම පහර දුන්නැයි ප්‍රා.මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු වනජිවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් මතුගම යටදොල ප්‍රදේශයේදී තමාට පහර දුන් බව කියමින් අගලවත්ත ප්‍රදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා  රෝහල් ගත වී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ බව කියන මන්ත්‍රීවරයා පාලින්ද නුවර ප්‍රදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමඟ අද (8) ගාලු මුවදොර පැවැති  එක්සත් ජාතික පක්‍ෂයේ රථ පෙළපාළියට සහභාගි වීම සඳහා පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි වාහනය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ නවතා තිබෙන අවස්ථාවේ මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා පොලිසියට කරන ලද ප්‍රකාශයේ සඳහන් වේ.

වාහනයෙන් බැස සිටින අවස්ථාවේදී තමන් අසලට පැමිණි පාලිත තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා පරුෂ වචන කියමින් මුහුණ හා ගෙල ප්‍රදේශයට පහරදී තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පැළඳ සිටි සපත්තුවෙන් උදර ප්‍රදේශයට පහරදුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.

තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාගේ පුතා සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු පොලු මුගුරු රැගෙන එම ස්ථානයට පැමිණ පහරදුන් බව බවද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පැවැසීය.

 

 

 

 



අදහස් (8)

තෙවරප්පෙරුම පහර දුන්නැයි ප්‍රා.මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක්

rocky Thursday, 08 November 2018 02:44 PM

තෙවරප්පෙරුම මහත්තයා මිනිස්සුන්ට නිකම් පහර දෙන්නේ නැහැ. මොකක්හරි අසමජ්ජාති වැඩක් කරලා ඇති!

:       0       0

rasika Thursday, 08 November 2018 03:18 PM

ඔන්න යූ.එන්.පී. චණ්ඩින්ගේ හැටි.. කෝ හිටපු අගමැති මොනවද කලේ මෙයට.. යහපාලනේ කියන්නේ ඕකද? පක්ෂේ අයවවත් බේරගන්න බැරිනම් තව කොහෙද විරුද්ධ පක්ෂය ගැන..

:       0       0

Shan Thursday, 08 November 2018 03:50 PM

සෙට් එකම ඇතුළට දාන්න දවස් 15ක්...

:       0       0

chinthaka Thursday, 08 November 2018 04:53 PM

මේ මනුස්සයට බලය නැතුව මෙහෙම නම් බලය ඇතුව කොහොමට හැසිරෙයිද?

:       0       0

RNG Thursday, 08 November 2018 05:27 PM

දැන් මොන පක්ෂයෙද දන්නෙ නෑ.. ගුටි බැට හුවමාරු වෙන්නේ....

:       0       0

Darshana Friday, 09 November 2018 03:47 AM

ඔන්න යහපාලනයේ මන්ත්‍රීවරු....

:       3       68

Siri Friday, 09 November 2018 05:32 AM

ඔය කසකාරයෝ.පෙරහැර ලඟම එනවා !

:       0       43

asoka Friday, 09 November 2018 07:26 AM

තෙවරප්පෙරුම එයත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 577 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site