‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලෙන් බලපෑමට පත්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සහන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
නව කොරෝනා ව්‍යවසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට සහන සලසන ලෙස බැංකුවලට උපදෙස් දී ඇතැයි මහ බැංකුව කියයි.
රැකියා අහිමිවීම, ආදායම් මාර්ග අහිමි වීම, වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසාදැමීම යනාදී දුෂ්කරතා සැලකිල්ලට එක් එක් අවස්ථාව අනුව ණය පහසුකම්වල මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම අයකරගැනීම අගෝස්තු මස 31 වැනිදා කල් දැමිය යුතු යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මහ බැංකුවෙන් ලබාගත හැකි බවත් මීට අදාළ ව බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කර ඇති 2021 අංක 05 දරන චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දක්වා ඇතැයි ද එම බැංකුව කියයි.
මෙම සහන ණය යෝජනා ක්‍රමය සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන ණය ගනුදෙනුකරුවන් මේ මස 21 වැනි දින හෝ ඊට පෙර ලිඛිතව සහ විද්‍යුත් මාර්ගයෙන් ඉල්ලුම් කළ යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පිළිගත හැකි හේතුවක් මත ජූනි මස 21 වැනිදායින් පසුව ප්‍රමාද වී ඉදිරිපත් කරන ඕනෑම ඉල්ලීමක් බාරගන්නා ලෙස ද බලපත්‍රලාභී බැංකුවලට දන්වා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියපාර වාගේ මේ පාරත් උගුලක දාන්නද යන්නේ? මේකට කියන්න ඔනෑ මූල්‍ය අායතන වලට සහන කියලා.
හොඳ පුවතක්... ස්තුතියි ලංකාදීප...!!!