IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


තවත් අමාත්‍යාංශ 10ක විෂය ගැසට් වෙයි

(ඩයනා උදයංගනී)

           

නව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍යාංශයන්ට අදාළ විෂයයන් හා ආයතන ඇතුළත් ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධූරය හොබවන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පාර්ලිමේන්තු කටයුතු විෂයයන්ට අදාළ ආයතනයන් ද පවරා ඇති අතර සමාජ සවිබලගැන්වීම් විෂය නිවාස හා සමාජ සුබසාධණ අමාත්‍යාංශයට ගැසට් කර ඇත.

තරුණ, කාන්තා හා ළමා කටයුතු විෂයයන්ට අදාළ ආයතන ගැසට් කර ඇත්තේ උදය ගම්මන්පිල මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයටය.

දිනේෂ් ගුණවර්ධණ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වෙත මුස්ලිම් ආගමික කටයුතු විෂය පවරා තිබේ.

තවත් අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින් ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ සියලූ ආයතන හා දෙපාර්තමේන්තු දයාසිරි ජයසේකර මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබේ.

මීට අමතරව අන්තර්ජාතික වෙළඳාම හා ආයෝජන ප‍්‍රවර්ධන, තැපැල් හා විදුලි සංදේශ, කම්කරු, විදේශ රැකියා හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, කර්මාන්ත හා වාණිජ, වැවිලි කර්මාන්ත සහ වෙළඳ, පාරිභෝගික, සමූපකාර සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු යන අමාත්‍යාංශයන්හි ද විෂයයන් මෙහි ගැසට් කර තිබේ.



අදහස් (2)

තවත් අමාත්‍යාංශ 10ක විෂය ගැසට් වෙයි

Sanath Kandy Sunday, 11 November 2018 08:09 AM

කිව්වත් වගේ විද්‍යාත්මක පදනමකින් බෙදල තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍යංශයට වනිතා කටයුතු. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයට මුස්ලිම් කටයුතු. නියමයි.

:       122       84

sam Sunday, 11 November 2018 08:35 AM

අපි කැකිල්ලේ රජ්ජුරුවන්ව උපහාස කතා සඳහා යොදා ගන්නා ආකාරයටම ලෝක ප්‍රජාව අපේ රජය හා එහි කටයුතු උපහාස කතා සඳහා යොදා ගන්නා දිනය වැඩි ඈතක නොවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1391 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 514 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 596 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site