IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තිලංගට ක්‍රිකට් විධායක කමිටුව තහනම් කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව නියෝජනය කිරීමට නුසුදුස්සෙක් වන බැවින් ඒ මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම තහනම් කිරීමට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටු තීරණය කර තිබේ.

එම කමිටුවේ නිගමනය පසුගිය 9 වැනිදා ක‍්‍රීඩා අමාත්‍යවරයාට බාරදුන් අතර ක‍්‍රීඩා අමාත්‍යවරයා පෙරේදා (14) ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට එය දැනුම්දී තිබේ.  

ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලාලන්ද පෙරේරා මහතා විසින් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත‍්‍රිපුද්ගල කමිටුව පත් කළේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව තිලංග සුමතිපාල මහතා ආසන්තම හිටපු සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම නීතිවිරෝධී යැයි ඉදිරිපත්වූ විරෝධතා සැළකිල්ලට ගෙන ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සුමතිපාල මහතා විධායක කමිටුව නියෝජනය කිරීම මීට මාසයකට පමණ පෙර තාවකාලිකව තහනම් කළේය.

සුමතිපාල මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි සම්බන්ධයෙන් එම කමිටුව කළ පරීක්‍ෂණයේ දී ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩා නීතියට සහ අන්තර් ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සමීප ඥාතියකු හෝ සම්බන්ධ වී සිටින්නේ නම් එවැනි පුද්ගලයකුට කිසිඳු ජාතික ක‍්‍රීඩා සංගමයක තනතුරු දැරිය නොහැකි යන වගන්තිය සුමතිපාල මහතාට හරස් වී තිබේ.



අදහස් (11)

තිලංගට ක්‍රිකට් විධායක කමිටුව තහනම් කරයි

rocky Tuesday, 15 October 2019 12:34 PM

මෙයා තමයි ක්‍රිකට් කෙලිය ජරා සුදුවක් කෙරුවේ. තහනම් කරලා මදි. පුළුවන්නම් හිරේ යවන්න.

:       0       247

rocky Tuesday, 15 October 2019 12:42 PM

ක්‍රිකට් වලට කරපු හානි වෙනුවෙන් මුන්නැහේව හිරේ යවන්න විදිහක් නැද්ද සොයා බලන්න.

:       0       243

Nuwan Tuesday, 15 October 2019 12:54 PM

මෙයාව නඩු කියල අරන් දාන්නම උනාද? ඕන පොඩි එකෙක් දන්නවා මෙයාගේ නිලතල නීතිවිරෝදී කියලා.

:       0       119

Prabha Tuesday, 15 October 2019 12:56 PM

ක්‍රිකට් නැතුව එතුමා කොහොම ජීවත් වෙන්නද?

:       0       44

සෙනෙවිරත්න Tuesday, 15 October 2019 01:25 PM

එලවලාම දාන්න.

:       0       91

ranith Tuesday, 15 October 2019 01:26 PM

එල්ලන්න වටින්නේ.ක්‍රිකට් කෑවා.

:       0       54

Amila Tuesday, 15 October 2019 02:04 PM

මෙයා අනිවාර්යයෙන්ම ගෙදරම යැවිය යුතුයි.

:       0       0

sam Wednesday, 16 October 2019 01:15 AM

හැබැයි ඇයි මේ වෙනකම්ම හිටියේ එලවන්න. මොකද පහුගිය අවුරුදු හතරහමාරේ එලෙව්වේ නැත්තේ.

:       0       23

de silva Wednesday, 16 October 2019 06:47 AM

අපේ ක්‍රිකට් පහුගිය කලේ මෙච්චර කඩා වැටුනේ දක්ෂයන් නැති නිසා නොව සල්ලි තිබෙන බුකි කාරයෝ එම තරඟ වලට මැදිහත්වීම නිසා බව අවිවාධයෙන්ම පිළිගන්න ඕනේ , නැතිනම් කොහොමද පලවෙනි පෙළ ක්‍රීඩකයෝ දිගින් දිගටම අසාර්ථක වෙද්දී රැන්කින් වල අංක 8 හිටපු අපේ දෙවෙනි පෙළ කණ්ඩායම රැන්කින් එකේ නොම්මර එකට හිටපු පාකිස්තානේ ඔවුන්ගේ මවු රටේදී 3-0 පරදවල තරගාවලිය ජය ගත්තේ .

:       0       28

de silva Wednesday, 16 October 2019 08:15 AM

තම පවුලේ සාමාජිකයන් මගින් කරන අශ්ව රේස් සහ වෙනත් ක්‍රීඩා වලට සම්බන්ධ දේවල් වලින් ඩොලර් කෝටි ගණනනින් උපයාගෙන ඒවගෙන් සැහීමකට පත්වෙලා ඉන්නේ නැතුව දුප්පත් අපේ එකම විනෝදාංශය වන ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගහන්න ආවොත් අපට ප්‍රබල තීන්දුවක් ගන්න වෙනවා.ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් පණ උනත් දෙන්න කැමති ක්‍රිකට් ලෝලියෝ දහස් ගණනක් අපේ රටේ ඉන්න බව අමතක කරන්න එපා. අපේ ක්‍රිකට් අපට දීලා ඔබතුමා ගෙදරට වෙලා ඉන්න.

:       0       20

de silva Wednesday, 16 October 2019 08:56 PM

අශ්ව රේස් බුකි වියාපරෙන් සහ දේශපාලනෙන් මුළු රටම කාල ක්‍රිකට් එක අතුරුපසට වළඳලා , තව මදිවෙලා. අනිවාර්යයෙන් හිරේ යැවිය යුතු පුද්ගලයෙක් ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 403 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2181 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site