බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව අද (29) යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන් පත්කර ඇත.
නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්.ඒ.එස්.එස් පෙරේරා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එල්.ආර්.පී රුද්‍රිගු සහ පොලිස් අධිකාරී එල්.කේ.ඩී අනිල් ප්‍රියන්ත යන නිලධාරීන් අදාළ සේවාවන්හි සහ පොලීසියේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස මෙම මූලස්ථානයට පත්කර ඇත.
මෙම කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යංශයට දන්වා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රිවිධ හමුදා - පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථාන ස්ථාපනය කෙරෙයි
channa-59 Monday, 29 April 2019 03:41 PM
මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ කියන්නේ කොටින්ට වැටෙන්න ගහපු දක්ෂ නිලධාරියෙක්. ගෝඨාභය පස්සේ කාලේ මෙයාව සහ එයාගේ සහෝදරයා කපලා දාලා තිබ්බේ... ජයවේවා මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේට...
AbaranMonday, 29 April 2019 10:30 PM
ඔයාලට වැරදුනේ ඔය විදියට හිතලා තමයි. ලියනගේට ජයවේවා කිව්වම රටට යහපතක් වෙයිද? අපේ රටටයි ජය පැතිය යුත්තේ. දේශපාලකයින්ගේ නම ඉස්සරහින් තියලා ජයවේවා කියනවා. රටට නෙවෙයි ඒ අයට නම් හරිම ජයයි.