(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
තීරු බදු නොගෙවා රහසිගත ව ගෙන්වන ලද බවට සැක කෙරෙන විදේශීය මත් පැන් බෝතල් 12 ක් මීගමුව මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසක විකිණීමට තිබියදී අද16 සවස සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි.
කටාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයකොඩි මහතා ට ලැබුනු තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා සිදු කළ වැටලීමකින් පසු මෙම විදේශීය විස්කි බෝතල් අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත .
අත්අඩංගුවට ගැනුණු විස්කි බෝතලයක් රුපියල් 5000, 10000 හා දොළොස් දහස බැගින් විකිණීමට තිබූ විවිධ වර්ගයන්ට අයත් විස්කි වර්ග බවට පොලිසිය හඳුනා ගෙන ඇත .
අත්අඩංගුවට පත් තිස් නව හැවිරිදි සැකකරු කලක් තිස්සේ තීරු බදු රහිත ව විකිණීමට ඇති විදේශීය මත් පැන් හොර රහසේ ලබා ගෙන මෙසේ වැඩි මිලට විකිණීමේ යෙදී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත . පොලිස් භාරයට ගැණුන විස්කි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂය ඉක්ම වන බවට ගණන් බලා ඇත .
මෙම සැකකරුට තීරු බදු රහිත ව මෙම විදේශීය මත්පැන් ලබාගැනීමට ලබා ගැනීමට සහාය වූ පුද්ගලයන් ඇත්දැයි ඇත් දැයි අනාවරණය කර ගැනීමට ද පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තීරුබදු රහිතව ගෙන්වූ මත්පැන් බොතල් සමඟ අයෙක් අත්අඩංගුවට