(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය, මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගිය පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා එම කාර්යාංශය මහජන සහය පතයි.
ජෝර්දානය වෙත 2012 ජනවාරි 20 වැනි දින පිටව ගොස් ඇති පී. කේ. තනීජා මහත්මිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කරුණු සොයමින් පවතින අතර ඇය මඩකලපුව චෙන්කලාඩි අම්මාන්කුලම් පුතුක්කොළනි ප්‍රදේශයේ පදිංචිකාරියක බව ඔවුහු පවසති.
කුරුණෑගල වැල්ලව ගිනිකරාව ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එම්. සිසිර බණ්ඩාර මහතා 2013 ජනවාරි 15 දින එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවද එම කාර්යාංශය පවසයි.
මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන්නැයි කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තොරතුරක් නැති ලාංකික ශ්‍රමිකයින් සොයන්න කාර්යාංශය සහය ඉල්ලයි