IMG-LOGO

තෝරාගත් වනාන්තරවලට ඔසු උයන්

(ඩයනා උදයංගනී

රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. 

ගම්පහ, නුවරඑළිය, ගාල්ල, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක මූලික කරගනිමින් මෙම වැඩටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය.

 මේ සම්බන්ධව වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා සමඟ ද සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. 

වනාන්තරවල ඇති දේශයට නොගැලපෙන සහ පරිසරයට හානිකර ශාක ඉවත්කිරීමේ වැඩපිළිවෙලක් දැනට ක්‍රියාත්මක අතර ඒ යටතේම තෝරාගත් වනාන්තර කිහිපයක ඔසු උයන් පිහිටුවීමට එහිදී සැලසුම් කළ බවත් ඔහු පැවසීය.



අදහස් (7)

තෝරාගත් වනාන්තරවලට ඔසු උයන්

කිරි පුතා Saturday, 06 November 2021 09:20 AM

වනස්පතීන් කපා මුදල්කර ගැනීමේ කූඨ පරමාර්ථයක් වගෙයි පෙනෙන්නේ. මොවුන් කිසිවෙකුත් විශ්වාස කළ නොහැකියි. රටට , පරිසරයට ආදරය ඇති බලධාරීන් අවදියෙන් සිටිත් වා !

:       0       13

Sunil Saturday, 06 November 2021 10:17 AM

එම ඔසු උයන් වල පැනියත් නිපදුවහොත් එය ධන උල්පතක් වෙයි.

:       0       5

ravin Saturday, 06 November 2021 10:37 AM

ධම්මික පැණිය හදන්න අවශ්‍ය බෙහෙත් පැළෑටි වෙන්න ඇති.

:       0       7

jayarathna Saturday, 06 November 2021 11:38 AM

ඉතිරිවෙලා තියෙන කැලෑවත් නැතිවෙන වැඩක් වෙයි ද?

:       1       13

කාලි Saturday, 06 November 2021 12:41 PM

ඉගුරු පැල 100 ක් හිටවන්න ඕනි නිසා කැලෑවේ පරණ ගස් කැපුවා.... පරණ ගස් වලට වඩා අලුත් ඉගුරු පැළ වටිනවා - දේශීය වෙද ඇමතියා එසේ කියයි. කොහොමත් ඒ කැලෑවේ ගස් පරණ නිසා ඔක්ෂිජන් හැදෙන්නෙත් නෑ - වාරිමාර්ග ඇමතියා සුපුරුදු ගොන් පාට් දමයි. ඉගුරු පැළ බලන්න සංචාරකයෝ එනවා. ඒක ඩොලර් ප්‍රශ්නෙට හොදයි - සංචාරක ඇමතියා හතර බීරි කතාවක් කියයි. සර් අපි මේකට හොද සිංදුවක් දාලා ඇඩ් එකක් හදමු. "එක ගසක් කපන්න මහරජානෙනී" කියලා පටන් ගමු. තාමත් මේවට රැවටෙනවද?

:       0       8

nuwa Saturday, 06 November 2021 06:55 PM

මුලින්ම උයනක් හදනවා.. ඊළඟට උයන බලාගන්න අලුත් තනතුරක් දීලා එයාව නවත්වන්න ගෙයක් හදනවා. ඊට පස්සේ උයන්පල්ලගේ නෑදෑයින්ට නවතින්න ගෙවල් හදනවා. ඊට පස්සේ එයාලට බඩු ගන්න ලේසි වෙන්න කඩයක් හදනවා. එහෙමයි අපේ රටේ...

:       0       1

ගමේ එකාලා Saturday, 06 November 2021 09:29 PM

මෙයාලා හදන ඔසු උයන්. තමුන්ට වාසියක් වෙනවනම් කන්සා උනත් වවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site