IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


තිරුකුමාර්ගේ බැංකු වාර්තා කැඳවා ඇතැයි ජනපතිට දැනුම් දෙයි

(නිමන්ති රණසිංහ)

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාල  තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් වාර්තා, අදාළ බැංකු හා මුල්‍යායතන මගින් කැඳවා ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. කේ.ඩී. විජේරත්න මහතා දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතනයන්ගෙන් මේ වන විටත් ලැබෙමින් පවතින බවත් මෙහි විමර්ශන කටයුතු තවමත් අවසන්ව නොමැති බවත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කර ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළ ප්‍රගතිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දෙමින් ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සදහන්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

තිරුකුමාර් නඩේෂන් මහතා පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 08 වැනිදා සහ 15 වැනිදා යන දෙදින අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබාදුන්නේය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර මසක් තුළ වාරතාවක් ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් ඔක්තෝම්බර් මස 06 වැනිදා අල්ලස් කොමිසමට දැනුම් දුන් දුන්නේය.

 



අදහස් (4)

තිරුකුමාර්ගේ බැංකු වාර්තා කැඳවා ඇතැයි ජනපතිට දැනුම් දෙයි

Hafeel Thursday, 11 November 2021 11:26 AM

මේ සේරම පරීක්ෂණයෙන් පසු නීතිපති හෝ නියෝජිතයක් අධිකරණයට එවින් කියාවි මේ පරීක්ෂණය තවදුරටත් කල නොහැකි කියල. ඒ නිසා මහජන මුදල් නාස්ති නොකර මේ සංදර්ශනය දැන්ම නවත්තන එක තමයි හොඳ.

:       1       9

Nuwan Thursday, 11 November 2021 12:47 PM

තම තමන්ගේ සල්ලි තියන් ඉන්න ඩමි වලට නඩු දාවිද ආයුබෝවන් ?

:       1       4

sharm warn Thursday, 11 November 2021 12:49 PM

අනේ ඉතින් අල්ලයි . නොදන්නා හොරු ඇල්ලීම .මේවා අපිටම කියන එක තමයි ලොකුම විහිලුව

:       1       4

සෙනෙවිරත්න Thursday, 11 November 2021 01:09 PM

මේ රටේ බැංකු වලින් වාර්තා කැඳවල මොකටද?, මේව ජාත්‍යන්තර ගනුදෙනු . නිකං විහිළු වැඩ. කොලේ වහල ගොඩදාන්න මේ වැඩ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 97 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site