ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ මේ වන විට භාවිතයට නොගන්නා තෙල් ටැංකි කිසිදු අවස්ථාවක විකිණිමක් සිදු නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
තෙල් ටැංකි සංවර්ධනය කිරීම ආයෝජකයින් හා එක්ව සිදු කරන බවත් කිසිදු අවස්ථාවක රටට හානි දායක ගිවිසුම්වලට එළඹෙන්නේ නැති බවත් හෙතෙම සඳහන් කළේය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ අද (17) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමට පවරා ඇති අතර ඉන් කොටසක් හෝ නැවත වරක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තමා දැඩි උත්සාහයක නිතරව සිටින බවද ඒ සම්බන්ධ විභාග වන නඩුවක් පවතින බැවින් කිසිවක් ප්‍රකාශ නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පොදු සමාගමට තෙල් ටැංකි ලබා දෙනුයේ කාල සීමාවකට බවත් එය කැබිනට් මණ්ඩල තීරණයක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම කඩාකප්පල් කිරීමේ මාෆියාවක් මේ වන විට ක්‍රියාත්මකව පවතින බවයි.
(36698)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ත්‍රිකුණාමල තෙල් ටැංකි විකුණන්නේ නැහැමයි
wishwa Wednesday, 17 October 2018 01:11 PM
අර්ජුන ඇමතිතුමෝ, හම්බන්තොට වරාය විකුණන්නට දෙන්නේ නැහැ කියලා කයියක් කෙලියා නේද... වරාය ඇමති කාලේ? අන්තිමට වරාය ඇමැතිකමටත් කෙළවා ගත්තා. තෙල් ටැංකි විකුණන්නේ ඔහෙගෙන් අහල නෙවෙයි. තෙල් ඇමැතිකමටත් කෙලව ගන්නේ නැතිව ඉන්නවා හොඳයි කට වහගෙන... තමුන් ගැන කවුරුත් දන්නවා හොඳට...
MaheeWednesday, 17 October 2018 10:03 PM
විශ්ව නියම උත්තරේ දීල තියෙනවා. අපුරුයි!
kap Thursday, 18 October 2018 07:26 AM
ඕක දිරල පොලවට සමතලා වෙනකම් ඉන්නකො බොසා.