IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


“තමා තමාට පහනක් ව වාසය කරවු’’

තමා තමාට පහනක් ව වාසය කරවු (අත්තදීපො භව) යන්න ගෞතම බුදුන් වහන්සේගේ බුදු වදන යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී කුෂිනගර්හිදි අද (20) පැවැසීය.

අභිධර්ම දිනය සංකේතවත් කරමින් ඉන්දියාවේ කුෂිනගර් හි පැවැති උත්සවයකදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවැසීය.

යමකු ස්වයංව ප්‍රදීප්ත වූ විට ඔහු මුළු මහත් ලෝකයටම ආලෝකය දෙන්නේ යැයි ද ඉන්දියාවේ අභිප්‍රාය වී ඇත්තේ එය යැයි ද අග්‍රාමාත්‍ය මෝදී කීවේ ය.

ස්වයං-යැපීම සහ ශක්තිමත් වීම තුළින් ඉන්දියාව එම ඉලක්කයට ගමන් කරන බව ද අගමැති මෝදි කීය.

එමඟින් ලෝකයේ අනෙක් රටවල ප්‍රගතිය ශක්තිමත් කිරීම සඳහා සහභාගී වීමට ඉන්දියාවට ශක්තිය ලැබෙන බව ද ඔහු පැවැසීය.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මූලික වී ඇත්තේ බුදුන් වහන්සේ බවත් ඉන්දියාවේ ත්‍රිවිධ වර්ණ මත බුදුන් වහන්සේගේ ධර්ම චක්‍රය තිබීම තුළින් ඉන්දියාවට ශක්තිය ලැබෙන බවත් පැවැසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අදටත් කවුරුන් හෝ ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ගිය ඔහු/ඇය අනිවාර්යෙන්ම “ධර්ම චක්‍ර ප්‍රවර්තනය” දකින බව ද කීය.

අද අපි ලෝකයේ පරිසර ආරක්ෂණය මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් කතාබහ කළ විට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් පැන නගිනවා යැයි කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවට බුදුන් වහන්සේගේ පණිවුඩය අනුගමනය කළහොත් “කවුද කරන්නේ” “මොකද කරන්නේ” යනාදී ප්‍රශ්නවලට අපට ම පිළිතුරු සොයාගත හැකි වනු ඇතැයි පැවැසීය.

බුදුන් වහන්සේ විශ්වීය බවත් ඊට ප්‍රධානම හේතුව තමන් තුළින්ම පටන් ගන්නැයි බුදුන් වහන්සේ සෑමවිටම පැවසූ නිසා බවත් කී අගමැති මෝදි බුදුන් වහන්සේගේ බෞද්ධත්වය වගකීමේ පරම හරය යැයි ද කීවේ ය.

බුදු දහමේ පණිවුඩය මුලින්ම ශ්‍රී ලංකාවට ගෙන ගියේ ඉන්දියාවෙන් යැයි ද අශෝක අධිරාජ්‍යයගේ පුත් මහේන්ද්‍ර (මිහිඳු මහරහතන් වහන්සේ) සහ සංඝමිත්තා කුමරිය යැයි ද මිහිඳු මහරහතන් වහන්සේ නැවත ඉන්දියාව පැමිණ ශ්‍රී ලංකාව බුදුන් වහන්සේගේ පණිවුඩය මහත් උද්‍යෝගයෙන් බාරගත් බව සිය පියාට දැනුම් දුන්නේ යැයි ඉතිහාසයේ සඳහන් යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කීය. 

055



අදහස් (6)

“තමා තමාට පහනක් ව වාසය කරවු’’

kapila Wednesday, 20 October 2021 11:18 PM

නරේන්ද්‍ර මෝදී අගමැතිතුමා තරම් අපේ නායකයින් බුදු දහම දන්නෙවත් ඒ අනුව ජීවත් වන්නේවත් නැත. ඡන්ද ගන්න වෙනකොට අපි බොදුනුවන් ලෙස හැසිරෙනවා. ඇතුලාන්තය ගත්තොත් බුදු දහමට පටහැනියි. ඉන්දියාව යන ගමන හරි.

:       4       30

RaveendraThursday, 21 October 2021 06:11 AM

ඔබ විසින් පක්ෂ බේදයෙන් තොරව අප රටේ දේශපාලුවන් පිලිබදව ඉතාමත්ම නිවැරදි අදහස් සදහන් කර ඇති බව සතුටින් දන්වන්නෙමු. ඇත්තෙන්ම අප රටේ සියලුම පක්ෂවල දේශපාලුවන් (ගසා කෑම අතින්) "තමා තමාට පහනක් ව වාසය කරවු" යන ඒ වැදගත් අදහසට අනුකුලව මෙන්ම තම හත්මුතු පරම්පරාවටම පහනක් වීමටය.

:       0       4

කිරි පුතා Thursday, 21 October 2021 01:31 AM

එදා සිටම ඉන්දියාවත් ලංකාවත් අතර තිබෙන සුහද බැම්ම ශ්‍රී සද්ධර්මය .අපේ රටේ අදටත් ඒ ධර්ම මග යන මහා සංඝරත්නය වැඩ සිටීමත් ඒ මග යන බුද්ධිමත් ගිහි ජනයා සිටීමත් , ශ්‍රී සද්ධර්මය රැකීී තිබීමත් පෙර කුසලයකි

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 October 2021 09:39 AM

මෝදි අගමැතිතුමාගේ දහම් දැනීම ඉතා ඉහළයි.අපේ දේශපාලකයන් හොර මැර වැඩ කරමින් ඒවාට අනුබල දෙන ඇතැම් සිව්රු දරන්නන් ලවා වැදි බණ අසනු පෙනේ.ඒ වැනි බණ වලින් පුහු සිත් රවටවා ගෙන කියන්නාත් අසන්නාත් තම තමන්වම රවටවා ගැනීමක් මිස වෙනත් දෙයක් නම් සිදුවෙන බවක් නොපෙනේ. මෝදි මහතා එසේ නොව දහම අවබෝධ කරගත් කෙනෙකු බව පෙනේ.

:       0       6

පිටිගල මිලානෝ Thursday, 21 October 2021 09:50 AM

ඊට හේතුව ඉන්දියාවේ බුදුදහම උගන්වන්නේ ලෑන්ඩ් කෲසර් වලින් වඩින කට්ටිය නොවීමයි. එහෙ බුදුදහම උගන්වන්නේ රැස්කිරීමෙන් තොරවූ සාදු චර්‍යාවෙන් පොහොසත් උත්තමයින්.

:       0       5

jayasekara Thursday, 21 October 2021 10:12 AM

අත්ත දීපෝ - විහරත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29265 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18221 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11547 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 716 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 214 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site