IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තමිල්නාඩු - කර්ණාටක ප්‍රාන්ත ලොක්ඩවුන්

කොරෝනා ආසාදිතයන් ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය සහ කර්ණාටක ප්‍රාන්තය අද (10) සිට සති දෙකක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තය සති දෙකකට ලොක්ඩවුන් කරන බව ප්‍රාන්තයේ නව මහ ඇමැති එම්.කේ. ස්ටාලින් කල්තියා දැනුම් දී තිබුණි. තමිල්නාඩු වැසියන්ට තදබදයකින් තොරව, ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට ඔසුහල් සහ වෙළෙඳසැල් පෙරේදා (8) සහ ඊයේ (9) විවෘතව තැබුණි.

ස්ටාලින් ප්‍රාන්ත මහ ඇමැති ධුරයට පත් වූයේ පසුගිය සතියේ ලැබූ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවය. ජයග්‍රහණයත් සමඟ ස්ටාලින් කියා සිටියේ තමිල්නාඩු වැසියන්ගේ ජීවිත ආරක්ෂා කරමින්, ප්‍රාන්තයේ කොරෝනා ව්‍යාප්තිය මර්දනයට තමන් දැඩි පියවර ගන්නා බවය.

ඒ අනුව, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමට ඇමැති ස්ටාලින් තීරණය කළේ කැබිනට් හමුවක් පවත්වමිනි.

මීට පෙර ද කර්ණාටක ප්‍රාන්තය ලොක්ඩවුන් කර තිබුණු අතර, අද (10) සිට යළිත් සති දෙකකට ප්‍රාන්තයට තහංචි පැනැවීමට බලධාරීන් තීරණය කර තිබේ.

ඉන්දියාවේ තාක්ෂණික කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන බෙංගලූරු නගරය පිහිටා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ ය. කර්නාටක ප්‍රාන්තයේ අගනගරය වන්නේ ද බෙංගලූරු වන ගූගල්, ඇමසන් සහ සිස්කෝ වැනි ලෝ ප්‍රකට තාක්ෂණික සමාගම්වල ප්‍රධාන කාර්යාල ද මෙම නගරයේ පිහිටා ඇත.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ පළමු රැල්ලේ දී මුළු ඉන්දියාවම ලොක්ඩවුන් කළ නමුත් තවමත් එවැන්නක් සිදුවී නැත. කෙසේ නමුත් ප්‍රාන්ත මට්ටමින් ලොක්ඩවුන් කිරීම් සහ සංචරණ තහංචි පැනවීම් සිදු වෙයි. මේ වනවිට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ඇතුළු කොරෝනා ආසාදිතයන් වැඩියෙන් හමුවන ප්‍රාන්ත ලොක්ඩවුන් කර තිබේ.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

තමිල්නාඩු - කර්ණාටක ප්‍රාන්ත ලොක්ඩවුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site