(මහින්ද නිශ්ශංක)
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් පිරවීමේ දී සිදුව ඇති දෝෂ හේතුවෙන් ඉන් 58,404 ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 717,918 ක් ලැබුණු බවත් රත්නායක මහතා පැවසීය.
මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම සඳහා 659,514 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ලබන 31 දා හා නොවැම්බර් 1 දා තැපැල් ඡන්ද සළකුණු කිරිම සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් විශ්‍රාම යාමට පෙර තැපැල් ඡන්දය පාවිච්චි කළා. සමහර අවස්ථාවල මෙම ඉල්ලුම් පත් පිරවීම ගැටළු සහගතයි. එයට හේතු වන්නේ ඡන්දහිමි නාමලේඛණයේ තිබෙන සමහර වචන ඉල්ලුම්පත්‍රයේ දැක්වෙන්නේ වෙනත් වචනයකින්. එවැනි නොගැලපීම් එක ආකාරයකට සකස්කලොත් මෙම ප්‍රතික්ෂේපවීම් නොවෙන්න පුළුවන්...
ඔය ප්‍රතික්ෂේප කරපු ඒවා ජන්ද නෙවේද? කෝ ඒවාට විසඳුමක්...? නැවත සංශෝධනය කර ඉල්ලුම්පත් යොමු කරන්න ඉඩ දෙන්නේ නැද්ද? මැ.කෝ මේක අසාධාරණයි මැ.කෝ...
ප්‍රතික්ෂේප වූ අයට අභියාචනා ඉදිරිපත් කරන්න ඉඩ දීම ඉතා සුදුසුයි...
අපේ රටේ හරියට සිද්ද වෙන කිසිම දෙයක් නැහැ බලන් ගියාම .කොතන බැලුවත් අවුලක් නැති තැනක් නැහැ.මේවා කාට කියන්ඩද .
තැපැල් ඡන්ද ඉල්ලුම් පත් වල සහතික කිරීමේ නිළධාරී දු.අංකය ද ඇතුලත් වේ. මැතිවරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අඩුපාඩුව නිවැරදි කර එවීමට දින 1-2 ක් නෙවා නම් මීට වඩා හොඳයි. එය වඩා ප්‍රජා තන්ත්‍රවාදී නෝවේ ද? සමහර අවස්ථාවල, ග්‍රා.නිලධාරී ලබා දී ඇති තොරතුරු සහ අන්තර්ජාලයේ තොරතුරු අතර යම් යම් වෙනස්කම් දැකිය හැකියි. මෙම අවලංගු වීමට එයත් හේතු විය හැකිය. මේ නිසා ඔවූන්ට රාජකාරී අතරතුර සාමාන්‍ය ආකාරයට චන්දය පාවිච්චි කිරීම සඳහා අවස්ථාව/යම් සහනයක් ලබා දියයුතුයි.