( තිළිණි ද සිල්වා )
ඕමානයේ විදෙස්ගත ලාංකිකයින් සදහා “තානාපති සමඟ කතා කරන්න” නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවේ සාමාජිකයින් සමග සම්බන්ධ වීමත් , ඕමාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සමඟ සෘජුව කතා කර සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රජාවට පහසුකම් සැලසීම මෙම සංසදයේ අරමුණ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම සංසදය සෑම මසකම අවසන් බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි දී ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට 80007877 යන ගාස්තු රහිත දුරකථන අංකය මගින් සෘජු ව තනාපතිතුමා ඇමතීමට හැකියාව ලබා දී ඇත.
ඒ අනුව “තානාපති සමඟ කතා කරන්න” ලබන 25වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන බවත් , ඒ හා සම්බන්ධවන්නැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
“තානාපති සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක සංසදයක්