(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා අද (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතීම සඳහා තානාපතිවරයා එලෙස පැමිණි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරිනියක් සඳහන් කළාය.
අදාළ පරීක්ෂණ සඳහා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය දෙන බව ද ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා එහිදි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බොරු. මේ වෙද්දී ස්විට්සර්ලන්ත ආණ්ඩුව ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. ඔය බොරු පරීක්‍ෂණ ගැන ඒ මිනිස්සු විශ්වාස කරන්නෑ.
ඉස්සර ජොබ් එක අායෙත් පටන් ගත්තා එහෙනම්. හැබැයි ප්‍රවේශමෙන් මේ පාර. කොට්ටෝරුවාටත් වරදිනවාලු. අවුරුදු 5කට කලින් තිබුණු තාක්ෂණයට වඩා අපි දැන් ගොඩාක් ඇඩ්වාන්ස්. පොලිසියට නම් යන්න එපා. ඒ අයට කරන්න දෙයක් නැහැ. පොලිසියේ ඔක්කොම රට පනිනවා බේරෙන්න. කාලකන්නි ගෝත්‍රික වහල්ලුනි... කී දෙනෙක් හෙට නැතිනම් අනිද්දා ගෙනයාවිද කියා දන්නවාද..?
ඔන්න මම නම් නෙමෙයි...
අපොයි... පුදනකොටම කාපි යකා. ඒකට ලංකාවේ මිනිස්සු කියන්නේ, හොරකම් කෙරුවත්, මිනීමැරුවත්, අපිට ඕන රජා කියලයි. තව ටිකකලකින් කියයි. සජිත් මැතිඳුනි එන්න රට බාරගන්න. ඔබට පමණයි දුප්පතාගේ දුක තේරෙන්නේ කියලා... එතකොට රට ලෙල්ලටම ගිහින් අනුර කුමාර වැනි අවංක එඩිතර නායකයෙකුට උපාසක සිල්වත් උදවිය කැමති නැහැ. ගිනි පෙනෙල්ලෙන් බැට කනකොට කියයි... අනේ අපි රැවටුණා. දැන්වත් රට බාරගන්න කියලා...
සුදු වෑන් ආවා. රතුපස්වලත් එනවා අනිවාර්යයෙන්ම.... විදුලි පුටු භීතිකාවත් මේ සියල්ල පසුපස එනවා.
ඉල්ලන් කන්නයි හදන්නේ... අවුරුදු 5 කට කලින් කරපු සෙල්ලම් දැන් බැහැ. හෙට, අනිද්දාම අපේ රටේ පොලිටික්කන්ට travel ban දාන්නද දන්නේ නැහැ හදන්නේ....?
දෙයියෝ සාක්කි! රාජපක්ෂලා වැඩ පටන් අරන් වගේ...
සුබ අනාගතයක්...!
ආයෝජන සහ අපනයන වලට මොනවා වෙයිද?
නිව් යෝක් ටයිම්ස් පුවත්පත, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මේ සිද්ධියේ සත්‍යබව තහවුරු කළ බවට වාර්තා කර ඇත.
දෙඇස් වසාගෙන කන්වලට ඇඟිලි ගසාගෙන ඉන්න අයට ඔය කතා බොරු...
මම කලින්ම කිව්වා ස්විස් ගිය පොලිස් නිලධාරියා වීසා ලබාගත්ත ආකාරයත් සැක සහිතයි කියලා.. ෂුවර් එකටම ඒකේ නාට්‍යයේ කොටසක් විය යුතූයි.
අර නිශාන්ත එක්කම පැන්නද දන්නේ නැහැ.
මේ අය ගත්තොත් ගෝඨා සර්ට වැඩිදුරක් යන්න බැරි වෙයි...
බොරුවක් නම් පොලිසියේ පැමිණිල්ලක් දාන්නේ නැහැනේ... මේක බරපතල කාරණාවක්... තව මාධ්‍යවේදීන්ගෙන් නිකරුනේ ප්‍රශ්න කරන එකත් පටන් අරන්... මහා මැතිවරණයක් අතළඟ තියාගෙන මෙහෙම වෙනවා කියන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙන විරුද්ධ පැත්තේ අපේක්ෂකයින්වත් මේ විදිහට පැහැර ගැනීම් වලට ලක්වෙයිද කියන එක ගැන හිතන්න වෙනවා. ගෝඨාභයට ඡන්දෙ දුන්නේ සිංහල බෞද්ධයන්... ඒ යහපාලනය ගෙදර යවන විකල්පය විදිහට... දැන් සිංහලයින්ගේ ඡන්දෙ අරන් සිංහලයින්ටම ගහනවා නම්, සිංහල මාධ්‍යවේදීන් නිකරුනේ ප්‍රශ්න කරනවා නම්, මහ මැතිවරණයෙන් පස්සේ කොහොම වෙයිද කියලා මිනිස්සුන්ට සැකයක් ඇති වෙන එකේ කිසිවැරැද්දක් නැහැ. 2010 - 2015 වගේ කට වහගෙන ඉන්නේ නැතුව ජනතාව මේවාට විරුද්ධව කතා කරන්න ඕනේ...