IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඩීසල් හිඟය භාණ්ඩ ප්‍රවාහනයටත් බාධාකරයි

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් නොමැති වීමෙන් භාන්ඩ ප්‍රවාහන සේවා සම්පූර්නයෙන්ම ඇන හිට ඇතැයි එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් රටට එදිනෙදා අවශය ආහාර, ඖෂධ ආදී භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද මංජුල මහතා කීවේය.

බහාලුම් ප්‍රවාහන රථ 6000 කට ආසන්න සංඛ්‍යාවක් ඇතත් ඉන් 4500 කට වැඩි ප්‍රමාණයක් ඩීසල් නොමැතිවිමෙන් ධාවනය නොවන බවද ඔහු පැවසීය.

අනෙකුත් බහාලුම් ප්‍රවාහන රථ ධාවනය වන්නේද කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් යැයිද හෙතෙම කීවේය.

මේ හේතුවෙන් කොළඹින් පිට පලාත්වල ආනයන අපනයන කටයුතු සියල්ල ඇණ හිට ඇන හිට ඇතැයිද ඔහු පැවසීය.

බහාලුම් ප්‍රවාහන රථ සඳහා ඇතැම් ඉන්ධන හල් වලින් රුලියල් 3000 ක පමණ තෙල් නිකුත් කරන බවත් එය වරාය පරිශ්‍රය තුළ ධාවනයටත් ඇතැම් විට ප්‍රමාණවත් නොවන බවත් මංජුල මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (0)

ඩීසල් හිඟය භාණ්ඩ ප්‍රවාහනයටත් බාධාකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 566 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 326 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site