IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ලාංකිකයන්ට වයිරසය ආසාදනය වී නැහැ

(තිළිණි ද සිල්වා)

ජපානයේ යොකොහාමාහි, කොරෝනා අසාදිතයින් රැසක් වාර්තා වී තිබෙන "ඩයමන්ඩ් ප්‍රින්සස් " නෞකාවේ  යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ තත්ත්වය සුරක්ෂිත යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් ශරීර සෞඛ්‍යයෙන් සිටින බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ සිටින තම ඥාතීන් සමඟ නිරන්තරයෙන්ම කතා බහ කරන බවට තානාපති කාර්යාලය දන්වා තිබෙන බවත් එම අමාත්‍යාංශය කියා සිටී.

ඒ අනුව එම ලාංකිකයින්  දෙදෙනාගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව අයත් මුහුදු සංචාරක සමාගම සමඟ සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම මුහුදු සංචාරක නෞකාවේ සිටින පිරිස අතරෙන් දැනට 454 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ජපානයේ කනගාවා ප්‍රාන්තයේ රෝහල්වල ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.

නෞකාවේ මගීන් ගොඩබැස්සවීම සඳහා දින 14ක නිරෝධායන කාලසීමාවක් සම්පූර්ණ කිරීමට එනම් පෙබරවාරි 19 හා 20 දක්වා කාලයක් ගතකිරීමට මෙම සමාගමට සිදුවනු ඇත. කෙසේවෙතත්, අවශ්‍යතාවයට අනුව මෙම කාර්යමණ්ඩල සාමාජිකයින් තවත් කාලසීමාවක් නිරෝධායනය කිරීමට සිදුවනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

 



අදහස් (0)

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ලාංකිකයන්ට වයිරසය ආසාදනය වී නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 305 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site