(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණකැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ඉකුත්11 වැනිදා තොරතුරු අනාවරණය විය.
එම වන්දි මුදල අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි පැවසූ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් එම අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.
මේ තොරතුරු අනාවරණය වූයේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් වන්දි අය කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 11 වැනිදා සිකුරාදා රැස්විය.
නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී ඒ සමාගමට වාසි සහගත අයුරින් කටයුතු කළ බවට තමා චෝදනා කළ හොත් ඊට දෙන පිළිතුර කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසූ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක්ලබා දුන්නේ නැත.
මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය නිෂ්ක්‍රීයව සිටියේ ඇයි දැයි කෝප් කමිටු සභාපතිවරයා ඉන් අනතුරුව විමසා සිටියේය. එහිදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව පැවසුවාය.
නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් සභාපති චරිත හේරත් මහතා මෙහිදී විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට සිදුවූ බවයි.
එය පරිපාලනමය වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව කෝප් සභාපතිවරයා පැවසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය තමා අවුරුදු දහඅටක් තිස්සේ ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බවයි.
එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ඩයමන්ඩ් නැවේ වන්දිය යට ගනුදෙනුවක් ?
Ranga Sunday, 13 March 2022 10:38 PM
සාමාන්‍යයෙන් ගොඩ ගත් නොහැකි අනතුරක් සිදු වූ විට එම නැවේ කපිතාන් වරයා අදාල නව් සමාගමට ඒ බව දැනුම් දුන්නම , නැව් සමාගම විසින් නාවික නීති ශක්තිමත් නැති හෝ අල්ලස් මාර්ගයෙන් නිළධාරීන් තමන් වෙත නතු කරගත් හැකි රටවල් ගැන දන්වා ඒ කුමන හෝ රටක මුහුදු සීමාවට නැව රැගෙන යනලෙස දනවනවා.. ඒ කාලෙයෙ දි නැව් දිගින් දිගටම අපේ මුහුදු සීමාවේ දී අනතුරු වලට ලක්වුනා හෝ ලක්වෙච්ච නැව් ආවා..
සෙනෙවිරත්න Sunday, 13 March 2022 10:56 PM
හිතු විදියටම වැඩේ වෙනව වගේ. මේක තමයි අපේ රටේ පොලිසි එක. මෙහෙම දේවල් නොවුනොත් තමයිි අවුල.
nihal Sunday, 13 March 2022 11:51 PM
මේවයේ මුලටම ඉන්නේ අල්විස්ලාගේ දරුවෝ... ඒ නිසා කතාකරලා වැඩක් නෑ.
කිරි පුතා Monday, 14 March 2022 12:47 AM
ඒකෙනුත් හොරා කාලද?
Prabha Monday, 14 March 2022 01:58 AM
මෙහෙම කරන මිනිස්සු මැරෙන්නේ වතුර උගුරක්වත් නැතිව තමයි.
Demuni Uduwara Monday, 14 March 2022 05:30 AM
‘‘වැටත්, නියරත් ගොයම් කයි නම්...?‘‘
ජිම් කුරු Monday, 14 March 2022 07:06 AM
ඔක්කොම හොරු...
එච් එම් ගුණවර්ධන Monday, 14 March 2022 09:02 AM
හැමදාම ප්‍රකාශ කරනවා. ලැබුණු ප්‍රතිඵලය මොකක්ද? හැමතැනම සිදුවන වංචාව, දූෂණය අඩු වැඩියෙන් සිදුවෙනවා. කම්ටු වලින් ප්‍රශ්න කරනවා පමණයි. කිසිම විසඳුමක් නැත. හෝද හෝදා මඩේ දානවා වගේ... වංචාව දූෂණ හෝ හිතාමතා කරන වැරැදි වලට නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙන් මෙවන් කමිටු වලින් සිදුවෙන්නේ ඒ ක්‍රියාවන්ට තවත් අනුබල දීමක් පමණයි මගේ හැඟීම... (අපි දැනගන්න කැමතියි කමිටුව ගත්තු ක්‍රියාමාර්ග සහ කමිටුවේ නිර්දේශ) එහෙම නැතිනිසා තමයි අපේ රටේ වංචාව, දූෂණය ඉහවහා ගිහින් තියෙන්නේ..!
Bunny Preena Monday, 14 March 2022 09:30 AM
මොවුන් කතා කරන්නේ නම් හරියට පිරිසිදු පුද්ගලයින් වගේ.. අධිකාරියේ සභාපතිත් අවංක භාවයක් නැති බවයි පෙනෙන්නේ...
ලක්මාතා Monday, 14 March 2022 10:21 AM
තිස්ස ජනනායක මහතා විසින් තම යූටියුබ් චැනල් දක්වා ඇති පරිදි නිව් ඩයමන්ඩ් නෞකාවේ සිදුව ඇති පාරිසරික හානිය සිතාමතා කළ එකක් බව පෙනී යයි. ඒ අනුව ලංකාවට සිදුව ඇති ව්‍යවසනකාරී තත්ත්වයට වන්දි ලබාදීමේදී ඉහළ පෙල නිලධාරින් හට කොමිස් මුදල් ලබාදී නිසි වන්දියක් ලබා නොදී හොර රහසේ පැනයාමට ලක් මාතාව බිලිදී ඇති බව පෙනි යයි...
ravin Monday, 14 March 2022 02:23 PM
ඔය එන්නේ... කිසිඳු ආගම් භේදයකින් තොරව... කාදිනල් තුමාටත් ඉව තියෙනවද? ඕවට තමයි ජනරාශි එකතුවුණේ...
sharm warn Monday, 14 March 2022 02:43 PM
අනිවා, හිටපු සභාපතිව එළියට දාලා මේවා ගත්තේ අත ලෙවකන්න නෙවෙයිනේ... ඒ දවස්වල විලිලැජ්ජා නැති ඇමැතිත් කිව්වේ අපිට වන්දියක් ගන්න පුළුවන් කියලා... රෙද්දකුත් ඇඳගෙන. දැන් කට්ටිය ප්‍රමාණාත්මකව ලාභ බෙදාගෙන ඇති...