(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසළ ගෙවත්තක තිබී ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද(29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.
යකඩ ද්‍රව්‍ය සමඟ පතුරොම් 20 ක්, ජංගම දුරකථන හයක්, ඩිජිටල් කැමරා දෙකක්, දුරදක්නයක්, හඬ පටිගතකිරීමේ යන්ත‍්‍ර කිහිපයක්, ඉස්ලාමීය ආගමික පොත් හා පුපුරාගිය ආර්. පී. ජී පතුරොමක කොටසක් සොයාගත් බව ආරක්ෂක අංශ කියයි.
යුද හමුදාව හා පොලිසිය විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
සෝදිසි මෙහෙයුම සිදුකරන අවස්ථවේ යකඩ එකතුකරන පුද්ගලයා එහි නොසිටි බවද ආරක්ෂක අංශ සඳහන් කළේය.
සොයාගත් උපකරණ වෙනත් ස්ථානයක සිට මෙම ස්ථානය වෙත මෑතකදී රැගෙනවිත් ඇති බවට සිදුකළ පරීක්ෂාකිරීමේදී අනාවරණය වූ බව කිලිනොච්චිය පොලිසිය පැවසීය.
සෝදිසි මෙහෙයුමේදී සොයාගත් උපකරණ හා පතුරම් කිලිනොච්චිය පොලිස් ස්ථානයට භාරදීමට නියමිතය.
කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටී 56 පතුරොම් 20ක් - විද්‍යුත් උපකරණ කිලිනොච්චියෙන් සොයාගනී