(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල නගරය හරහා ගලා බසින අපජලය සහිත ඇළ මාර්ගයේ දමා ගොස් තිබූ සැකකටයුතු මල්ලක තිබී ටී. පනස්හයේ ජීව උණ්ඩ 35ක් ඇතුළු උණ්ඩ තොගයක් අද(29) හමු වී තිබේ.
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ හදිසි ඇමතුම් දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.
පොහොර උරයේ තිබී ටී. පනස්හය ජීව උණ්ඩ 35 ක්, එස්. එල්. ආර් ජීව උණ්ඩ 06 ක්, යුද හමුදාව භාවිත කරන සංඥා උණ්ඩ 03 ක් සහ වෙඩිතැබීම් පුහුණුවීම් සඳහා භාවිත කරන උණ්ඩ 06 ක් හමුවූ බව පොලීසිය කියයි.
මේ දිනවල සිදු කෙරෙන හදිසි සෝදිසි මෙහෙයුම් නිසා කිසිවකු විසින් මෙම උණ්ඩ දමාගොස් ඇති බව පොලීසිය සැක කරයි.
අපජලය සහිත ඇළ මාර්ගය ආශ්‍රිත ගොඩනැගිලිවල සවිකර ඇති සීසීටීවි කැමරා මාර්ගයෙන් මීට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සොයාබලන බව කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ටී-56 උණ්ඩ 35ක් ඇතුළු උණ්ඩ තොගයක් ඇළ මාර්ගයකින් සොයාගනී