IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුමට නීතිවිරෝධීව අයෙක් ඇතුළු වෙයි

ට්විටර් සමාගමේ  ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි මහතාගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ.

මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇත.

ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ගිණුම කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

ඒ පිළිබ‍ඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම ට්ටිටර් ගිණුමට භාවිත කර ඇති ජංගම දුරකථන අංකය අයත් දුරකථන සේවා සමාගමේ ප්‍රමාද දෝෂයකින් මෙම තත්ත්වය ඇති වී ඇති අතර එය මේ වන විට යථා තත්ත්වයට පත්කර තිබේ.

මෙම සිදුවීම ට්විටර් සමාගමෙන් බාහිරව සිදුවී ඇති බව දක්නට ඇතත් ලෝකයේ බලවත් නායකයින් රැසකට සේවා සපයන ට්විටර් සමාගම ඉන්  අපහසුතාවට ලක්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

-226-
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුමට නීතිවිරෝධීව අයෙක් ඇතුළු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site