IMG-LOGO

2025 ජනවාරි මස 20 වන සඳුදා


ඥානසාර හිමිට පොදු සමාව දෙන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

තිළිණි ද සිල්වා
 
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවධානය යොමු කර බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ලිපියක් යොමු කර ඇත.

ත්‍රෛනායික මහානායක හිමිවරුන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ හින්දු සම්මේලනයේ සභාපති නාරා ටී.අරුක්කන්ත් මහතා විසින් ද වෙන් වෙන් වශයෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම් සිදුකර ඇති බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම් පිළිබඳ කාරුණිකව සැළකිල්ලට ගෙන එයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත් කර තිබේ.



අදහස් (39)

ඥානසාර හිමිට පොදු සමාව දෙන ලෙස ඉල්ලා ජනපතිට ලිපියක්

ravi Friday, 25 January 2019 12:07 PM

" ඤාණසාර හිමිට " සමාව දීම .. එක්සත් ජාතික පක්ෂයේ .. අවසානය වන බව අමතක නොකරන්න .

:       155       427

rasika Friday, 25 January 2019 01:18 PM

ඇයි එයාට විතරක්...? එහෙනම් ඔන්න ඔහේ හිරේ ඉන්න ඔක්කෝටම පොදු සමාවක් දීලාදාන්න...

:       339       495

කල්ප Sunday, 27 January 2019 07:27 AM

හාමුදුරුවන්ට නිදහස දෙන්නේ නැත්නම් උසාවියට ගල් ගහපු කෙනාව ඇතුලට දාන්න. ප්‍රභාකරන් හිටියනම් හොදයි කියපු ඇමතිවරිය ඇතුලට දාන්න

:       0       15

[email protected] Friday, 25 January 2019 01:55 PM

රනිල් තරග කරමින් යන්නට‍ ඉගෙන ගෙන නොමැත. මෙය රනිල්ගේ සහ එජාපයේ අවසානය විය හැකියි.

:       135       130

BamunuarachchiFriday, 25 January 2019 05:14 PM

එය එසේම විය යුතුය. මම වෙස්සන්තර ජාතකය කියන්න සූදානමින් සිටිමි.

:       6       125

Rata PerataSaturday, 26 January 2019 08:29 AM

එක්සත් ජාතික පක්ෂයෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ. මහින්ද වගේ මහානායක හාමුදුරුවරු ගණන් ගන්නේ නැතුව ඉන්නේ නෑ දැන්...

:       64       81

Chanak los angeles Friday, 25 January 2019 03:02 PM

ඔබලා හිතන්නේ එහිමියන් දඬුවම් විඳිනවා කියාද? නැත... ඔහු සිවුරත් දරාගෙනම පන්සලේ ඉන්නවා වගේ රෝහලේම වැඩ වාසය කරමින් ඉන්නවා. නිදහසක් ඉල්ලන්න දඬුවමක් විඳින්න එපායැ?

:       419       482

Ruwan Friday, 25 January 2019 03:07 PM

එක්සත් ජාතික පක්ෂය කාටවත් බය නැති පක්ෂයක්. ඒ ගැන කරදර වෙන්න එපා.

:       326       272

BamunuarachchiFriday, 25 January 2019 05:18 PM

එහෙනම් මොකද ප්‍රභාකරන්ට අවුරුදු 10 උතුර දෙන්න ලැහැස්ති වුනේ? බයට නොවෙයි නිවට කමට නේද?

:       274       266

රසිකSaturday, 26 January 2019 12:56 PM

එහෙම දෙන්න හිටියා නම් රනිල්ට ජනාධිපති වෙන්න නොදුන්නේ ප්‍රභාකරන්ගේ මොලේ හොඳ නැති නිසාද?

:       58       6

සේනක Friday, 25 January 2019 07:03 PM

අනේ මොනවට කියනවද,මංකොල්ලකාරයන්ට කොහෙද බයක් තියෙන්නෙ.රට හැම අතින්ම විනාශ කරන්න මේ කොළ අලිපැටවුන් කොහොමත් බය නැහැ කියලා රටේ ජනතාව දැනගෙන ගොඩක් කල් මහාත්තයෝ.

:       206       178

samanmali sakalasuriyaSaturday, 26 January 2019 03:49 PM

අලි කොහෙද....

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 January 2019 03:19 PM

දුමින්දව එලියට ගැනීමේ කුමන්ත්‍රණයක් මේක.

:       115       172

Nandalal DE SILVA - France Friday, 25 January 2019 04:08 PM

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කාගේදෝ ඇමක් ගිලලා වගෙයි.. මෙවැනි ඉල්ලීමක් ජනපතිගෙන් ඉල්ලා සිටින්නේ..! රටේ අධිකරණයට අපහාසකර "සිරගතවී" සිටිනවා යයි කියන මේ උන්නාන්සේ එළියට ගැනීමට බොහෝදෙනෙක් බලවත් උත්සාහයක යෙදී සිටින විට ඇමතිවරයා මැදිහත් වීම ඔවුන්ගේ බලවත් සතුටට හේතුවනවා ඇත. එජාප රජයට කෙනෙහිලිකම් කරමින් සිටින ජනපතිටත් මෙය ස්වර්ණමය අවස්ථාවක් වෙනු ඇත. අගමැතිතුමා මෙයට කෙලින්ම සම්බන්ධ වී මේ ප්‍රශ්නය අධිකරණ ඇමැතිනියට භාරදී මේ ප්‍රශ්නය ඔඩු දිවීමෙන් වළක්වා ගැනීමට උත්සාහයක් ගන්නා ලෙස නීතිගරුක ප්‍රජාව රජයෙන් ඉල්ලා සිටිනු ඇත. එසේ නැත්නම් මීළඟ මැතිවරණයේදී "මරා පොහොට්ටු පක්ෂය" රජයට එරෙහිව බලවත් සටනකට මේ ප්‍රශ්නය ඈඳා ගන්නවා නියතයි.

:       99       59

ලක්සිරි Friday, 25 January 2019 04:15 PM

මෙතන අදහස් පලකරන අය, ජනාධිපති සමාව කියන එකේ තේරුමවත් දන්නේ නැද්ද? මෙතනදී, සමාව දෙන්නේ, මෛත්‍රිපාල සිරිසේන, ඉල්ලීම කර ඇත්තේ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්. මෙතෙක් මේ අය රටට සිදුකල හානිය ඉදිරියටත් නොකරයි කියලා කාටද අනාවැකි කියන්න පුළුවන්?

:       43       102

akilaSaturday, 26 January 2019 03:02 AM

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් මෙවැනි භික්ෂුවක් වෙනුවෙන් පෙනී හිටින්නේ කෙසේද?

:       107       127

Bamunuarachchi Friday, 25 January 2019 05:11 PM

අපේ හාමුදුරුවනේ... ඔබේ සේවය මේ සිංහල බෞද්ධ රටටම අවශ්‍යම වෙලාවයි. ඒ බව සිරිසේන තේරුම් ගත්තොත් රටට යහපතක් වේවි!!! නැතිනම් ඔබ නිදහස්ව එන්නේ වෙනත් රටකටයි.

:       349       405

Chanak lod angelesSaturday, 26 January 2019 06:16 AM

දැන් ඔන්න ජාතිවාදය පැත්තකින් තබලා හිමිනමක් අල්ලාගෙන හොරුන් ප්‍රයෝජන ගන්න බලනවා .. තව අවුරුදු 7 ක් දඬුවම දික්කල යුතුයි.

:       35       73

Chanak los angelesSaturday, 26 January 2019 05:21 PM

එතකොට බුදුදහම ලංකාවට ලැබුනෙත් පිටරටකින් කියලා කව්රුහරි කියලා දෙනවානම් ?

:       0       0

බද්රානි Saturday, 26 January 2019 09:05 AM

පිංගුත්තර නිකායට අයත්, පොදු වලි සේනාවේ, සාමාජිකයෙකු යයි උපකල්පනය කල හැකි, බමුණුආරච්චිගේ නිරුවත අද, හැමෝම ඉදිරියේ ප්‍රදර්ශනය කරලා? ඔබගේ විකෘති මානසික තත්වයකට හේතුව සොයා ගන්න බැරිවයි මා මෙතෙක් කල් සිටියේ? එලොව, මෙලොව, පමණක් නොව මොළය පවා අහිමි ඔබ වැනි පුද්ගලයින්ගෙන් ශ්‍රී ලාංකික සමාජයට වූ හානිය ගැන වචනවලින් හෝ සංඛ්‍යාවකින් නම් තක්සේරු කල නොහැකි තරම්ය. අප උපන් රට, ජාතිය, ආගම පිළිබඳ පවා අප්‍රසන්න හැඟීමක් පවා ඇතිකළේ මේ ත්‍රස්ත කල්ලියේ අශිෂ්ඨ ක්‍රියා නිසා බව පමණක් මා සටහන් කරමි. මෙවන් උම්මන්තකයින්ගෙන් ලොවට, විනයක් විනා, සෙතක් නම් සිදු නොවන බව පැහැදිලියි.

:       340       287

BamunuarachchiSaturday, 26 January 2019 03:24 PM

මම නොම්මර එකේ ජාති වාදියෙක් එකේ වචන දෙකක් නැත. සිංහල ජාතියට බෞද්ද ආගමට ලැදිව පාසල් කාලයේ සිටම කටයුතු කලා. බුද්දාගම පමණයි මෙරටේ තිබිය යුතු කියන මතයේ සිටින්නේ. හේතුව අනික් ආගම් මෙරටට පැමිණියේ පුරුතුගීසි කාරයා නිසා. දකුණු ඉන්දියානුවන් පසුපස මුසල්මානුවන් ආවා?

:       205       256

BamunuarachchiSunday, 27 January 2019 02:04 AM

ඔබලා වගේ අදහස් තිබෙන අයට ප්‍රදර්ශනය නොකර කාට ප්‍රදර්ශනය කරන්නද.

:       0       0

Bangomunu.Sunday, 27 January 2019 05:16 AM

බද්රානි,ඔබතුමියගේ අදහස් වලට,නිවැරදි බවට ස්තුති කරන්න වචන නැත.පැවසුවේ පිරිසිඳු සත්‍යයයි.

:       0       4

කල්ප Sunday, 27 January 2019 07:21 AM

බද්රානි, හමුදුර්වෝ නැත්නම් කුරගල දෙවනගල. මුහුදු මහා විහාර අනතුරේ බව. විල්පත්තු වන විනාශය .මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. සෝම හාමුදුරුවෝ කියපු දේම තමයි ටිකක් සද්දෙට ඥානසාර හාමුදුරුවෝ කිව්වෙත්.

:       1       11

BamunuarachchiSunday, 27 January 2019 08:36 AM

ඔබ නිදහස්ව එන්නේ රනිලුත්, මුසල්මානුවෙක් වූ රටකටයි.

:       2       0

rocky Saturday, 26 January 2019 12:47 AM

අධිකරණයට අපහාස කළ සිරකරුවෙකුට සමාව දීම ඉතාම අයහපත් පූර්වාදර්ශයක් . ජයවික්‍රම පෙරේරා මහත්තයා බලාපොරොත්තුවෙන්නේ ඔහු යූ.එන්.පී. එකේ පාන්සුකූලයට සහභාගී කරවා ගැනීමටද? මේ ඉල්ලීමට අපි තදින්ම විරුද්ධයි!

:       189       213

BamunuarachchiSaturday, 26 January 2019 03:48 PM

පානසකුලේට එවන්නේ සුළුජන වර්ගයේ කෙනෙක්.

:       0       0

කල්ප Sunday, 27 January 2019 07:48 AM

එතකොට උසාවියට ගල්ගහපු අය?

:       0       0

ලුම්බිණි Saturday, 26 January 2019 12:47 AM

මොට්ට දේශපාලකයන් සහ අන්තගාමි බොරු දේශප්‍රේමින් විසින් මෙරට විනාශ කරමින් යන හැටි.

:       308       275

කල්ප Sunday, 27 January 2019 07:43 AM

ඔබ කොහොම ද බොරු දේශප්‍රේමින් කියල හදුනා ගන්නේ ? උපකරණයක් තියනවද ? ජාතිකත්වය ඕනෙම රටක ඕනෑම මිනිහෙකුට තියෙන්න පුළුවන් .ජාතිකත්වය නැති විජයගෙන් පැවතෙන අයත් ඉන්නවා. රාවනගේ නැත්නම් සිව් හෙලේ මිනිස්සු එහෙම නැහැ කැක්කුම තියනවා.

:       0       0

vidya Saturday, 26 January 2019 02:42 AM

ඔය හාමුදුරුවෝ එලියට අරගෙන ආයෙත්මොකකට හරි පටලවයි. ඉන්න විදිහට ඉන්න දීපුවහම බණක් භාවනාවක් කරගෙන ඉදීනෙ .

:       62       120

atthanayake Saturday, 26 January 2019 03:10 AM

නිදහස දෙන්න එපා ජනපතිතුමනි, උණ බහිනකම් ඉන්න දෙන්න. බුදු දහමත් විනාශ වෙනවා...

:       250       410

jayasekaraSaturday, 26 January 2019 04:21 AM

එතකොට.. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි... වාරියපොළ ශ්‍රී සුමංගල හිමි.. ඉතිහාසය මතක් කරගන්න.. උන්වහන්සේලා කෑ ගැහුවේ රට, ජාතිය, බුද්ධ ශාසනය වෙනුවෙන්..

:       31       152

samSaturday, 26 January 2019 09:20 AM

ලයිසන් නැතිව වාහන එළවපු කෙනෙක් සමග ගරු කටයුතු බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ ජාතිමාමක, දේශමාමක, ශාසන මාමක ක්‍රියාවන් සමාන කරන්න එපා.

:       250       216

BamunuarachchiSaturday, 26 January 2019 03:39 PM

මේ සිංහලයෝ අසාවි මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි කියන්නේ මුසල්මානුවෙක්ද කියලා. හම්බයෙක්ද කියලා....

:       0       0

BamunuarachchiSunday, 27 January 2019 01:23 AM

හලෝ සෑම් ලයිෂන් නැතිව වාහනයක් පදවුවාම මොනශික්ෂා පදයද කැඩෙන්නේ? මෙයන ක්‍රමයට ගියොත් අපේ හාමුදුරුවරු යුද්ද ටැංකි පදවයි. මොකද ඔගොල්ලොවගේ මිනිස්සු ඇඳන් යට නිසා. හලෝ කතා කොරනකෝ එක වචනයක් තමන්ගේ රට වෙනුවෙන්.

:       0       0

BamunuarachchiSunday, 27 January 2019 01:50 AM

ජයසේකර මේ සිංහලයෝ දන්නේ නැහැ ඔය ස්වාමින්වහන්සේලා නිසයි සිංහල ජාතිය බුද්ධාගම රැකුණේ කියා.

:       0       1

කල්ප Sunday, 27 January 2019 07:38 AM

සෑම් කෙන්කෙකුට නිවැරදි වෙන්න අවස්ථාවක් නොදෙන්න තරම් ඔබ කුහකද ? උන් වහන්සේ උසාවියේ වදර පිළිගත්ත නම්. ඇයි නිවැරදි වෙන්න බැරි. 88/89 මිනිමරපු මිනිස්සුත් ඔය නිවැරදි වෙලා ඉන්නේ . බයිලා කියන්න එපා.

:       0       0

BamunuarachchiSunday, 27 January 2019 01:39 AM

හලෝ අත්තනායක සිංහලයෙක්ද බෞද්ධ ආගමිකයෙක්ද? එසේනම් තම රට ආගම වෙනුවෙන් එක වචනයක් කියන්න එය හොඳටම ප්‍රමාණවත්

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම අද
2025 ජනවාරි මස 20 54 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දෙයි. සාමාන්‍යයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩ


දුම්රිය ආසන තත්පර 30න් අවසන්
2025 ජනවාරි මස 19 1205 0

උඩරට මාර්ගයේ දුම්රිය ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේදී ඊයේ (18) දිනට සියලුම ආසන තප්පර 30 ක් ගතවීමට පෙර අවසන් වූ බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.


මිනිරන් ආශ්‍රිත බැටරි නිෂ්පාදනය වාණිජකරණය කිරීමේ තීරණයක්
2025 ජනවාරි මස 19 9 0

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනය සොයාගත් දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ නැ


ත්‍රිරෝද රථ අනතුරින් දැරියක් මරුට
2025 ජනවාරි මස 19 241 0

මහනුවර රන්දෙනිගල රජ මාවතේ මයිලපිටිය ප්‍රදේශයේදී අද දහවල් බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් වය


උපස්ථායක,සාත්තු සේවක වෙයි
2025 ජනවාරි මස 19 441 0

රෝහල් උපස්ථායක සේවක සේවිකාවන්ගේ නිල නාමය සාත්තු සේවක (CAREGIVER) ලෙස මින් ඉදිරියට භාවිත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර දී ඇත.


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 761 0

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 372 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 600 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 328 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site