IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


‘ජ.වි.පෙ ෂෝට්කට්වලින් දිනන්න ගිහින් වැටුණා‘ - කුමාර් ගුණරත්නම්

(බිඟුන් මේනක ගමගේ)
 
සමාජවාදය වෙනුවට ෂෝට් කට් ඔස්සේ දේශපාලන ජයග්‍රහණ සෙවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාර්ලිමේන්තුවේ ආසන කීපයක් දිනාගැනීමට සටන් කරන තැනකට ජනතා විමුක්ති පෙරමුණ වැටී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා ‘ලංකාදීප’ යට කීය.
 
ඔක්තෝම්බර් 26 සිදුවුණේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් වුවත් ජනතා විමුක්ති පෙරමුණ ඊට මැදිහත්වුණේ පොදු ජනතාවට වාසි සහගත වන අයුරින් නොවේ යැයි චෝදනා කළ හෙතෙම එහි පල නෙලාගත්තේ එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් යැයි ද කීය.
 
වම හා සමාජවාදය ගැන තවමත් විශ්වාසයෙන් කටයුතු කරන සැලකිය යුතු පිරිසක් ජ.වි.පෙ වටා සිටින නමුත් එය වමේ පක්ෂයක් හැටියට හඳුන්වනවාට ජ.වි.පෙ නායකයා පවා කැමැති නැතැයි ගුණරත්නම් මහතා පැවසීය.
 
 සමාජයේ ඇති කඩාවැටීම් හමුවේ ජනතාව විශාල වශයෙන් ආගමික කටයුතුවලට යොමුවෙමින් පවතින්නේ යැයි ද සමාජයේ මතුව ඇති අර්බුදවලට පිළිතුර වමේ මතවාදයට ජන බලය ලබාදීම පමණකැයි ද ගුණරත්නම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (0)

‘ජ.වි.පෙ ෂෝට්කට්වලින් දිනන්න ගිහින් වැටුණා‘ - කුමාර් ගුණරත්නම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 275 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site