(අංජුල මහික වීරරත්න)
ලංකාවේ කොරෝනා මරණ තිස් දහසක් සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය අනතුරු හඟවා තිබෙන පසුබිමක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් සහ අගමැති, කතානායක ප්‍රමුඛ සෞඛ්‍ය ඇමතිවරුන් වහාම කැඳවා ව්‍යසනයෙන් මිදීමේ මඟක් සාකච්ඡා කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නිසි සීමා පැනවුවහොත් මරණ ගණන දොළොස් දහස දක්වා අඩු කර ගත හැකි බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ජීවිත දහ අට දහසක් බේරාගැනීම වෙනුවෙන් රජය වහාම තීන්දු තීරණ ගත යුතු බවද සඳහන් කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ ස්වාධීන විශේෂඥයන්ගේ කණ්ඩායමේ පස්වන රැස්වීමේදී මෙම සංඛ්‍යා දත්ත හෙළිදරව් කර තිබෙන බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘‘ජීවත බේරා ගන්න හැමෝම එක් වෙමු‘‘
Chandima Sunday, 15 August 2021 07:57 PM
75 පැනලත් මේ මනුස්සයාට ලංකාවේ විශේෂඥයින් විශ්වාස නැහැනේ. සුද්දගේ පස්සේ ගිහින් තමයි පුරුද්ද... ඔය මගුල නිසානේ රෙදි අකුල ගෙන ගෙදර යන්න වුණෙත්...
C.K.LankaputhraMonday, 16 August 2021 06:43 AM
ඇමෙරිකා මන්ත්‍රී දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සහන ඉල්ලති. (අද ලංකාදීපය) රට පාලනය කරන්නේ ඇමරිකන් කාරයෙක් නම් සුද්දන්ට ගොට්ට අල්ලපුවාම ඒකෙ තියන වැරැද්ද මොකක්ද?
KamalMonday, 16 August 2021 07:27 AM
ලංකාවේ විශේෂයෙන් විශ්වාස නැත්තේ සර්ට සහ ගෝලයින්ටයි...
gunarathna Sunday, 15 August 2021 08:28 PM
පක්ෂ නායකයෝ එකතුවෙලා මොන කෙහෙල්මලක් තීරණය කරන්නද කියන්නේ? එකතු වෙන්න ඕනේ දොස්තරවරු මිසක් දේශපාලකයෝ නෙවෙයි.
Kasun Sunday, 15 August 2021 08:32 PM
අනේ මේ... දැන්වත් අඩුම ගානේ මේ වගේ අවස්ථාවක වත් දේශපාලන වාසි ගන්නේ නැතිව ඉන්නවද? රජය රටේ හැම දෙනාම ගැන හිතලා කරන්න පුළුවන් උපරිමය කරනවා.
nm Sunday, 15 August 2021 08:47 PM
කොරෝනා මේ වනවිට වෙනත් ආකාරයකින් පැතිර යාමේ අවදානම තිබෙන්නා වූ නිසා සූම් තාක්ෂණය පක්ෂ නායකයන් ඇතුළු සියලු අත්‍යාවශ්‍ය කණඩායම් සකච්ඡා කිරීම වැදගත් වේ. එවිට ලංකාවේ WHO කණඩායමක් පවා සහභාගි කරවා ගැනීමට හැකියාව පවතී. ඒ මගින් ඍජුව ප්‍රශ්න ඇසීමට සහ පිළිතුරු ලබාගැනීමට හැකියාව පවතී. ලංකාවේ WHO කණ්ඩායමක සහභාගිත්වය සහ ඔවුන්ගේ උපදෙස් රටේ නායකයින් හට තීන්දු ගැනීමට සහ සහභාගි වන්නා වූ වෛද්‍ය කණ්ඩායමටද සහයෝගයක් වනු ඇත..
Bandara Sunday, 15 August 2021 09:02 PM
මෝඩයින් වගේ කියවන්නේ නැතුව මේ මනුස්සයා කට කැඩෙනකන් කියන දේ තේරුම් ගන්තා නම් එක ජීවිතයක් හරි බේරගන්න පුළුවන් වෙයි.
මෝඩ බය්යා Monday, 16 August 2021 06:34 AM
මේ රටේ ඉන්නේ හීනමානයෙන් පෙළෙන, හැම වෙලේම හැමඑකාම අපිට වැඩේ දෙයි කියලා බයේත් ඉන්න මෝඩයින් ටිකක්... ඒ අයට හරියන්නේ බයි අප්පච්චිලා තමයි. ඔවුන් හිතාගෙන ඉන්නේ බයි අප්පච්චිලා උන්ව බේරාගන්නවා කියලා..., කොච්චර මෝඩද කිව්වොත් කෙවිටෙන් දක්කලා මස් කඩේට වුණත් ගෙනියන්න පුළුවන්....
කල්පනාMonday, 16 August 2021 06:53 AM
චන්දිමා.ගුණරත්න හා කසුන් තිදෙනාට මේ මිනිසා කියනදේ තේරෙන්නේ නැහැ.මොහු 2015 දී කලෙත් බෙදී ගියොත් රට වැනසෙන නිසා සියළු දෙනාම එක්වී රට සංවර්ධනය කරමු කියලයි.සුද්දො අපිට නිදහස දුන්නේ එකිනෙකා බෙදී කුලල්කා ගන්නා පක්ෂක්‍රමයක් සමගයි ඉන් පස්සේ නැවතත් බෙදෙන ක්‍රමයක් ලෙසට පලාත් සභා ඇතිවුනා..මෙම පක්ෂ ක්‍රමයෙන් වෙලා තියෙන්නෙ චන්දිමා වැනි පක්ෂ(යට) කහන වුන් නිසා මේ රට නිදහසින් පසුව අන්තයට යාමයි.මොළයක් ඇති කෙනෙක් ඉන්නවානම් සිතා බලන්න දැන් අපි ඉන්නෙ දකුණු ආසියාවේ අන්තිම රට ලෙස නේද කියලා .
chandimaMonday, 16 August 2021 07:49 AM
එයාගේ කට කැඩෙන්න දෙකක් දෙන්න තියෙන්නේ...
සමන් විම්Monday, 16 August 2021 11:58 AM
මෝඩයෝ වගේ අහගෙන ඉන්නද කියන්නෙ .
chandima Sunday, 15 August 2021 11:49 PM
කොහොමටත් මෙයාට එකතු වෙලා සාකච්ඡා කරන්න මතක් වෙන්නේ පැරදිලා ඉද්දී තමයි. දිනපුවාම ලංකාවේ අය මතකවත් නෑ. එකපාරක් ධවල මන්දිරය පිටිපස්සේ කාඩ්බෝඩ් බුෂ්ගේ පින්තූරෙට කරට අතදාලා පින්තූර අරන් ලංකාවේ පත්තරවලත් දැම්මා. ජෝජ් බුෂ් යාලුවෙක් කියලා පෙන්නන්න.
Ashan Monday, 16 August 2021 01:21 AM
කසුන් ලංකාවෙද ඉන්නෙ. මිනිස්සු හැමතැනම මැරෙනවා. රජය හැමදෙයක්ම කරනවලු. ඔයාල වගේ මෝඩයෝ නිසා තමයි අද රටට මේ වින්නැහිය වෙලා තියෙන්නෙ.
Sri Lanka Monday, 16 August 2021 01:45 AM
කොරෝනා ඉවර කරන්න ආන්ඩුවට පුළුවන්.. පොඩ්ඩක් ඉන්න. ඔය සංවිධාන එදා යුද්ධය ඉවරකරන්න බෑ කිව්වනේ. ඔය සංවිධාන එදත් කළේ අද කරන ටිකම තමයි.
සමන්ත Monday, 16 August 2021 02:41 AM
අර රජය කරන්න පුලුවන් උපරිමයෙන් කරනවා කියන කෙනාට කියන්න තියෙන්නේ... ඔව්, දැන් කරපුවා වැඩිවෙලා රටේ අයට බඩ යනවා කියලා තමයි. ඔය කරලා තියෙන්නේ... නුඹලා වගේ අයට කන්න නැතුව තමයි මැරෙන්න වෙන්නේ...
Bamunuarachchi Monday, 16 August 2021 11:52 AM
කල් ගිහිල්ලා හරි මොලේ පැදීම ලොකු දෙයක්
SUNIL MILANO Monday, 16 August 2021 12:31 PM
කල් ගිහිල්ලා හරි තේරුම්ගන්න කොහේද මොලයක් තියෙන්නේ? මොලේ තියෙන්නේ නම් මහ දවල් දෙන ගේම්වලට තමයි.
Nihal Wednesday, 18 August 2021 05:49 AM
ධනවත් රටවලුත් ඔය එකතුවෙලා රිම් එකෙන් යන්නේ...