(අජන්ත කුමාර අගලකඩ)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් දේශීය හා විදේශීය බැංකුවලට මේ වසරේ ගෙවිය යුතු ණය හා පොළිය රුපියල් කෝටි 1000 ක් පමණ වන බව එම මණ්ඩල වාර්තාවේ පෙන්වා දෙයි.
ඉන් රුපියල් කෝටි 400 ක් පමණ ඉකුත් වසර වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතු ණය හා පොළිය බවද පැවසේ.
මෙම ණය සහ හිඟ පොළි ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල ආරංචි මාර්ග කියයි.
COMMENTS
වතුර කියන්නේ පොළොවෙන් ලැබෙන දෙයක්. මේක විකුණන්නේ ලීටර් ගාණට... මෙම ආයතනය පාඩුවුනේ කොහොමද? ගහපු ගැහිල්ල පේනවනේ...
ප්‍රශ්නයක් නැහැ. අපේ ජනාධිපති කිව්වේ මේවා සියල්ල ලාභ ලබන ආයතන කරනවා කියලා. එතකොට ඔය ණය ගෙවාවි...
එහෙම කියලා අපේ වතුර බිල වැඩිකරනවා එහෙම නොවෙයි. ආයේ නොකීවයි කියලා කියන්න එපා. පහුගිය ටිකේ කෝටි ගණන් යටිමඩි ගහලා කියලා කෝප් කොමිටුවත් වාර්තා කළේ. එක ව්‍යාපෘතියක කෝටි හතලිස් ගණනක්. තවෙකෙක කෝටි විසිගණනක්. ඔය වගේ කියක් විගණකාධිපතිත් වාර්තා කළාද? යටිමඩි ගහපුවාට ආයේ ගෙවන්න ඕනේ පොදු ජනයාද? හොරකම් කරපු උදවියගෙන්ම තරාතිරම නොබලා ආපහු ගත්තොත් තමා හොඳ. සමාජයේ කොතැනක වැජඹුණත් හොරා කියන්නේ හොරාමයි කියන එක පමණක් පොදු ජනයා දන්නවා.
එහෙම කියලා අපේ වතුර බිල හේම වැඩිකරනවා නොවෙයි. ආයේ නොකීවයි කියලා කියන්න එපා. පහුගිය ටිකේ කෝටි ගණන් යටිමඩි ගහලා කියලා කේප් කොමිටුවත් වාර්තා කලේ. එක ව්‍යාපෘතියක කෝටි හතලිස් ගණනක් තවෙකෙක කෝටි විසිගණනක් ඔයි වගේ කියක් විඝනඛධිපතිත් වාර්තා කලාද. යටිමඩි ගහපුවාට ආයේ ගෙවන්න ඕනේ පොදු ජනයාද? හොරකම් කරපු උදවියගෙන්ම තරා තිරම නොබලා ආපහු ගත්තොත් තමා හොඳ. සමාජයේ කොතැනක වැජඹුනත් හොරා කියන්නේ හොරාමයි කියන එක පමණක් පොදු ජනයා දන්නවා.
මොන ව්‍යාපෘති තිබ්බත් තවම අපේ පැත්තට අවුරුද්ද පුරාම වේලුන ටැප් වලට හුළං වලට කැරකෙන මීටර් එකට අපි සල්ලි ගෙවනවා. අපි ඉන්නේ කැලණිය දළුගම ලුම්බිණි පාරේ. පැමිණිලි කළාම කියන්නේ ඔය පැත්තට උස හින්දා ප්‍රෙෂර් මදි ඒ හින්ද වතුර නැහැ කියලා. කොච්චර ෂෝක් වතුර මණ්ඩලයක්ද අපිට තියෙන්නේ. නිකම් කයිය විතරයි.
දැනට වතුර වලට බොහොම අඩු මුදලක් අය කරන්නේ. අඩුම වශයෙන් රු.500 කට වැඩි මාසික බිලක් එන ලෙස ජල ගාස්තු සංශෝධනය කළ යුතුයි. එසේම මහා පරිමාණ ජල ව්‍යපෘති වලින් මුදල් හොරා කැම නතර කළ යුතුයි.