සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පවතින ග්‍රහලෝකයක් වායුගෝලයේ ජලය පවතින බව ප්‍රථම වරට විද්‍යාඥයින් විසින් අනාවරණය කර ගෙන ඇත.
හබල් දුරේක්ෂය මගින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ ලබාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් විද්‍යාඥයින් මෙම නිගමනයට එළඹී තිබේ.
තාරකාවක් වටා කක්ෂ ගතවී ඇති K2-18b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය පෘථිවියට සමාන බව විද්‍යාඥයෝ පවසති.
විශාලත්වයෙන් පෘථිවිය හා නෙප්චූන් ග්‍රහලෝකවල විශාලත්වය අතර පවතින සුපිරි පෘථිවි සිය ගණනක් අතරින් එක් ග්‍රහලෝකයක් ලෙස මෙය හඳුනාගෙන ඇත.
මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට ජීවය පැවතිය හැකි බවට සාක්ෂියක් බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.
(රොයිටර්ස් ඇසුරෙනි)
-226-
2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජලය ඇති ග්‍රහලෝකයක් ප්‍රථම වරට සොයා ගනී
කොණ්ඩ කැවුමා Thursday, 12 September 2019 06:28 AM
ඉක්මනට හොයලා බලනවද ජීවත් වෙන්න සුදුසු පරිසරයක් තියේද කියලා. එහෙටවත් පැන ගන්න.
Mahee Thursday, 12 September 2019 06:30 AM
යකෝ, ඔන්න වෙලාව. ලෝකයේ (ඒ කියන්නේ ඔය අලුත් ලෝකයේ) පැරණිතම පක්ෂය කියන්න පුළුවන් වෙනවා දැන්මම එහෙ ගියා නම්. හෙන නම්බුවනේ..! අනේ අපේ 225ත් එක්ක සියලුම පක්ෂ නායකයෝ ඒ ගැන හිතලා අප කෙරෙහි අනුකම්පා කරලා එහෙ යන්නකෝ අනේ, ප්ලීස්...
Cisco Thursday, 12 September 2019 06:45 AM
බුදුන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. දිවයින් හතරක් ගැන. බුදුන් උපන් මේ පෘථිවිය ජන්බුද්වීපය වන අතර එහි සඳහන් අනෙක් දිවයින් වන උතුරුකුරු දිවයනද? පුර්ව විදේහයද? මේ...
chandrika Thursday, 12 September 2019 07:05 AM
අහන්නත් සන්තෝෂ කතාවක්...
Aris Thursday, 12 September 2019 07:23 AM
ජලය විතරක් මදි. ඔක්සිජන් වායුව තියනවද? උෂ්ණත්වය කොහොමද කියලා සොයා බැලුවා නම් මිනිස්සු ගිහින් පදිංචි කරවන්න පුළුවන් වේවි. ඇමෙරිකාව එක්ක එකතුවෙලා යන්න කැමති ලාංකිකයන් ඉන්නවද?
Hesha Thursday, 12 September 2019 09:21 AM
බුදුන් වහන්සේ ඔය බව මීට වසර 2500කට පෙර මනාකොට දේශනා කර ඇත. විශ්වයේ මෙවැනි තැන් අපමණයි.
Bamunuarachchi Saturday, 14 September 2019 05:52 AM
යන්තම් ඇති අපේ ජාල ප්‍රශ්නයට විසඳුමක් කියලා මීටින් වල කියාවි..