IMG-LOGO

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් අභාවප්‍රාප්ත වෙයි

(ඩයනා උදයංගනී)

           

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට 68 වැනි වියේ පසුවිය.

දශක හතරකට වැඩි කාලයත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ සිරිලාල් මහතා ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ’ කැඳවුම්කරු ලෙස ද කලක් කටයුතු කළේය.

ඔහු පසුගිය කාලයේ මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ අරගලවල පෙරමුණ ගෙන සිටියේය.

චූලවංශ සිරිලාල් මහතා 1970 දශකයේ දී පුවත්පත් කලාවට පිවිසියේ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ‘ඇත්ත’ පුවත්පතෙනි.

ඉන්පසු ඔහු ලංකාදීප, යුක්තිය සහ රාවය යන පුවත්පත්වල දේශපාලන විශ්ලේෂකයකු ලෙස ද කටයුතු කළේය.

මිය යන විට ඔහු ‘ලංකා ප්‍රෙස්‘ වෙබ් අඩවියේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

චූලවංශ මහතා 1994 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය ලේකම් තනතුරට පත්වූ නමුත් පසුව එම රජය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්‍ෂා කිරීමේ පොරොන්දුව කඩ කළ බව කියමින් එම තනතුරෙන් ඉවත්විය.

ඔහුගේ පුතු වන රංග සිරිලාල් මහතා මෙරට ‘රොයිටර් පුවත්’ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අතර දියණිය වන චාමි බමුණුසිංහආරච්චි අත්තනායක කැනඩාවේ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.

සිරිලාල් මහතාගේ දේහය බත්තරමුල්ල, වික‍්‍රමසිංහපුර, 1 වන පටුමග, අංක 19/2 ඒ දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී  හෙට (23) සවස 5.30ට සිදුකෙරේ.



අදහස් (1)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් අභාවප්‍රාප්ත වෙයි

Sanath Kandy Sunday, 22 September 2019 09:31 AM

දැන් සමාජ මාධ්‍ය ජාලා හරහා හැමෝම මාධ්‍යවේදීන් වෙලා. භාෂාව, ඉතිහාසය, දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා පුස්සෝ තමන්ගේ බ්ලොග් එකේ පරිශීලකයෝ වැඩි කරගන්න කිසිම හිරිකිතයකින්, සදාචාරයකින් තොරව බොරු බේගල්, අපහාස, මිත්‍යාව වපුරනවා. මේක කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ.

:       15       75

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 141 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site