(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වරයා අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහාලූ පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමට දින 51 රජයේ හිටපු වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම ලබන මාර්තු 51දා තෙක් කල් දැමීමට වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන ඇතැයි වරයා හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.
වරයා අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ සහ වරයා ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත්කළ කමිටුවකින් මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධ නිර්දේශ ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව අමාත්‍ය සාගල රත්නායක මහතා කීය.
ගාස්තු සංශෝධනය මාර්තු 15දා තෙක් කල් තැබීමට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ද අද(29) පෙරවරුවේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවද අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd