(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තහනමට ලක් කරන ලද ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියා කාරී සාමාජිකයන් ලෙස සිටී ඉංජිනේරුවරයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අද (29) දෙහිවලදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා අතර විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පුද්ගලයෙකු සහ කෝකියෙකු වන බව පොලිසිය කියයි.
මීට දින කිහිපයකට ඉහතදී මාවනැල්ල සහ නාවලපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ප්‍රශ්න කරන ජාතික තව්හිත් ජාමාත් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු හෙළි කළ තොරතුරු අනුව මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මෙම පුද්ගලයන් දෙහිවල කවුඩාන - හීල් වීදිය හා ශ්‍රී මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ සමාජිකයෝ 3 ක් අත්අඩංගුවට
Rasika Monday, 29 April 2019 08:56 PM
මුස්ලිම් සමාජය වේගයෙන් වර්ධනය වෙන නිසා එම සමාජය තුළ තරුණයන්ගේ අනුපාතය ඉහල අගයක් ගන්නේ.. මේ නිසා අත්දැකීම් සහ පරිනත භාවයෙන් එම සමාජය පහල මට්ටමක තියෙන්නේ. ඒ නිසාම ඔවුන් ආවේගශීලියි මෙන්ම ලේසියෙන් නොමග යන්න පුළුවන්. මේ කාරණය තමයි ඔය අන්තවාදී දේශපාලකයන් යොදා ගන්නේ මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තරුණයන්ගේ ඡන්ද.. නමුත් මුස්ලම් පල්ලිය මේ තරුණයන්ව යහමගට ගන්න උත්සහ කරන්න ඕනේ.. මෙයින් පෙන්නේ මුස්ලිම් පල්ලිය ඔවුන්ගේ වගකීම ඉටුකරලා නැහැ කියන එක තමයි.. අපිට හොදින්ම පේනවා මුස්ලිම් සමාජය තුලින් අන්තවාදී දේශපාලකයන්ව පාර්ලිමේන්තු එවන්නේ ඒ නිසා බව.. තමන් වපුරන දේ තමයි නෙලා ගන්නේ.. අද මුස්ලිම් සමාජය මේ නෙලාගන්නේ ඔවුන් විසින් වපුරපු දෙයමයි.. අන්තවාදී දේශපාලකයන්ට ඡන්දය භාවිතය දැන්වත් නවත්වන්න.. මෙය සියලු ජන සමාජයන්ට අදාලයි .