ජූනි 4වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.
එදින දිවයිනට ම බලපාන ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කරයි.

COMMENTS
දින දර්ශනයේ වැඩ කරන දිනයක්වන අනිද්දා ඇදිරි නීතිය දමා කාර්යාල වසන දිනයක් වීමට නොකියන හේතුව කුමක්ද?
පෝය දිනයට කලින් දවසේ නරක වැඩ නොකරන්න තමයි නිවාඩුව.
පුද්ගලික අංශයේ සේවකයෝ ඇඳිරි නිතිය තියෙද්දී වැඩට එන්න ඕන. වෙළඳ නිවාඩු නෑ. රජයේ කාර්යාලවල සේවකයන්ට විතරද ඇඳිරි නිතිය බලපාන්නේ?
මෙහෙම රජයේ නිවාඩු ලෝකේ කිසිම රටක නැහැ. රජයේ සේවකයින් අඩක් අඩුකර තව කෙනෙකුගේ වැටුපෙන් බාගයක් වැටුප් වැඩිකර 3 දෙනෙකුගේ වැඩ ගන්න ක්‍රමයක් හදන්න. "හයර් ඇන්ඩ් ෆයර්" ක්‍රමය රජයේ සේවයේත් ඇති කලොත් නියමිත වැඩ ප්‍රමාණය ගන්න පුළුවන් වේවි...!!!
මේ ඇඳිරි නීතිය නිසා අපහසුතාවයට පත්වෙන්නේ පුද්ගලික අංශයේ සේවකයින්...
දොස්තර සංගම්, ආරක්ෂක සංවිධාන සමග එකතුවී ඇමතිවරිය පම්පෝරි ගහන විදියට ශ්‍රී ලංකාව කොරෝනා පාලනය අතින් ලෝකයේ ඉහළම ස්ථානයක ඉන්නවලු! ඉතින් එහෙනම් මොන මගුලකටද තවම සෞඛ්‍ය නීතිරීති තද කරගෙන, හිටිගමන් "නිවාඩු දිනයන්" ගැසට් කර මහජනයා අපහසු තත්වයකට පත්කර, රටේ ආර්ථිකය බින්දුවට බැස්සා, හිටපු හමුදා කාකි යුනිෆෝම් කාරයින් සංස්ථාවල ලොකු පුටු මත තබා රට පාලනය කරන්නේ ? "ඔබට දැන් සතුටුද ?" ... "දැක්කද බයියලාගේ වැඩ ?" කියල සාටක කුලයේ කට්ටිය අහනවා..!